ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.Sri Lanka Latest News
ඒ බව සඳහන් කරමින් මන්ත්‍රීවරයා සිය නිල X ගිණුමේ සටහනක් තබා ඇත.
එසේම මෙම තීරණය සම්බන්ධයෙන් තමන් නිල වශයෙන් කථානායකවරයාට යොමුකර ඇති බව මන්ත්‍රීවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් මීට පෙර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, එස්.එම් මරික්කාර් යන මන්ත්‍රීවරුන්ද ඉවත් වූහ.










