ඔන්ලයින් සේෆ්ටි පනතින්, පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝණය වන බවට පාර්ශ්ව රැසක් මේ වන විටත් සිය කණස්සල්ල ප්‍රකාශ කර තිබෙන බැවින්, ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙස, USAID ආයතනයේ පරිපාලක, සමන්තා පවර් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඊයේ දිනයේ දී ජනාධිපතිවරයා සහ සමන්තා පවර් මහත්මිය අතර සූම් සාකච්ඡාවක් සිදුව තිබේ.
එහිදී, ඉදිරිපත් කර තිබෙන ඔන්ලයින් ෆේෆ්ටි පනත මගින් ප්‍රකාශනයේ නිදහසට මෙන්ම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනයටද බලපෑමක් ඇති කළ හැකි බව පවසා ඇති සමන්තා පවර් මහත්මිය, ඒ පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවීමට උත්සුක වී ඇතැයි පැවසේ.
ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබදව සමන්තා පවර් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම, ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාව දරන උත්සාහයේ දී ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට ආයතනය දිගටම කැපවන බවද සමන්තා පවර් මහත්මිය මෙහිදී පවසා තිබේ.