නැවත නැවත සාකච්ඡා කිරීමෙන් පළක් නොමැති බවත්, කළ යුත්තේ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවත් දෙමළ ජාතික සන්ධානය පවසනවා.
ඊයේ (15) පස්වරුවේ ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා මේ බව සඳහන් කළා.