ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මේ වන විටත් ශ්‍රී ලංකා රජයේ තාක්ෂණික මට්ටමේ නිලධාරීන් සමඟ සම්බන්ධ වී සිටින බවත් ඉහළ මට්ටමේ නිලධාරීන් සමඟ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් IMF ප්‍රකාශක Gerry Rice පවසයි.
ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය දක්වන වැඩසටහනක් පිළිබඳ සාකච්ඡා යළි ඇරඹීම වෙනුවෙන් වත්මන් තත්ත්වයේ සමනය වීමක් බලාපොරොත්තු වන බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
එසේම ශ්‍රී ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පවසයි.
We are closely monitoring the ongoing developments in Sri Lanka 🇱🇰. We hope for a resolution of the current situation that will allow for resumption of our dialogue on an IMF-supported program. pic.twitter.com/xo1jNoGTea
— Julie Kozack, IMF (@IMFSpokesperson) July 14, 2022










