ශ්‍රී ලංකාව සිය ද්විපාර්ශ්වික ණය දෙන්නා වන චීනයෙන් ගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශ කොට ඇත.
IMF හි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් අඟහරුවාදා රොයිටර් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබුණේ පළමුව ලංකාව එම ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය පෙන්විය යුතු බවකි.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ දත්තවලට අනුව සංවර්ධන බැංකු ණය සහ මහ බැංකු හුවමාරුව ඇතුළුව මූල්‍යකරණය සඳහා ලංකවෙ බීජිං වෙත ඩොලර් බිලියන 6.5 ක් ණය වී තිබේ.










