• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාකිස්තානයට IMF එක කොකා පෙන්වයි! සිග්නල් එක අපිටත් පාඩමක්! පාකිස්තානයේ බදු සංශෝධන ඉල්ලීම IMF ඉවත දමයි! බදු ඉලක්ක සංශෝධනයද ප්‍රතික්ෂේප කරයි! IMF සරණ පැතූ පාකිස්තානය ‘කබලෙන් ළිපට’ වැටෙයි! හෙට අනිද්දා ශ්‍රී ලංකාවටත් මෙහෙම වෙයිද? Sri Lanka Latest News

November 10, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
පාකිස්තානයට IMF එක කොකා පෙන්වයි! සිග්නල් එක අපිටත් පාඩමක්! පාකිස්තානයේ බදු සංශෝධන ඉල්ලීම IMF ඉවත දමයි! බදු ඉලක්ක සංශෝධනයද ප්‍රතික්ෂේප කරයි! IMF සරණ පැතූ පාකිස්තානය ‘කබලෙන් ළිපට’ වැටෙයි! හෙට අනිද්දා ශ්‍රී ලංකාවටත් මෙහෙම වෙයිද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘පාකිස්තානයේ බදු ඉලක්කය සමාලෝචනය කරන ලෙස පාකිස්තානයේ රජය විසින් කරන ලද ඉල්ලීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රතික්ෂේප කර ඇත. ෆෙඩරල් ආදායම් මණ්ඩල ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියේ බදු ඉලක්කය සමාලෝචනය කිරීම සඳහා රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අතථ්‍ය රැස්වීමකදී ඉල්ලීමක් කළ නමුත්, ණය දෙන ආයතනය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි. පාකිස්තානයේ ආදායම් හිඟය හමුවේ ඇප දීමේ පැකේජයේ දෙවැනි වාරිකය ලබාගැනීමේදී රටට දුෂ්කරතාවන්ට මුහුණ දිය හැකි බව IMF ආයතනය අවධාරණය කර ඇත. එබැවින් ඉදිරි මාසවල ආදායම් හිඟය ගණනය කිරීමෙන් පසු ආදායම වැඩිකර ගැනීමට රජයට පියවර ගත හැකිය. එසේම මෙම මූල්‍ය වර්ෂයේ මුල් මාස හතර තුළ ආදායම් හිඟය පවතින පසුබිමක ආදායම ඉහළ නැංවීම සඳහා පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පාකිස්තානයෙන් ඉල්ලා ඇත.’ (Sri Lanka Latest News)

කුමක්ද මෙලෙස ඇසෙන කතාන්දරය? මේ කතාව මෙයට දින කිහිපයකට පෙරදී අපට අසන්නට ලැබුණේ පාකිස්තානයේ මාධ්‍ය වාර්තාවලින් සහ තවත් රටවල් කිහිපයක මාධ්‍ය වාර්තා හරහාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන නාමය ඇසුණු සැණින් අපට ශ්‍රී ලංකාවද මතකයට නැගෙයි. එසේ වන්නේ අප ශ්‍රී ලංකාවද එම සංවිධානයෙන් පිහිට පතා සිටින ප්‍රධානතම රටක් වශයෙනි. කෙසේ හෝ අප රටටද වඩා එම සංවිධානයට ප්‍රබලතම සරණාගතභාවයක් ඇත්තේ පාකිස්තානය සමගය. මේ හෙයින් පාකිස්තානයට අදාළව ඉහත ඇසුණු කතාව අද ලොවට ප්‍රධාන පුවත් කිහිපයක්ම මැවීමට සමත්ව ඇත. එනම් මෙයින් කියැවෙන්නේ කුමක්ද? ‘බදු ඉලක්ක සංශෝධන සඳහා පාකිස්තානයේ ඉල්ලීම IMF ප්‍රතික්ෂේප කරයි’ යන්න එහි අරුතයි. බොහෝ උග්‍ර ණය අර්බුදයක සහ ආර්ථික අගාධයක වැටී සිටින පාකිස්තානය දැනට වසර ගණනාවක සිට අතිශය ඛේදනීය තත්ත්වයකට පත්ව සිටියි. මේ හෙයින් මෙම අර්බුදයට විසඳුම් සෙවීම සඳහා පාකිස්තාන රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීය. මෙම ණය සහන පැකේජය මෙයටව සර හතරකට පෙරදී පාකිස්තානයට ලබාදීමට IMF සංවිධානය කැමැත්ත පළකළ අතර, එම මුළු පැකේජයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5ක් විය. මෙයින් ඩොලර් බිලියන 3.9ක් මේ වනවිට IMF විසින් පාකිස්තානයට ලබාදී ඇත. එහෙත් ඉතිරි මුදල ලබාදීම පාකිස්තාන රජයේ කැපීපෙනෙන සමාලෝචන තුනක නිගමනය මත රඳාපවතින බව IMF ප්‍රකාශ කර සිටියි.

දැන් ඔබට මෙම කතාව යම් අයුරකින් පැහැදිලි වනු ඇත. ඉහත කී සමාලෝචන තුනක නිගමනයන්ට අදාළව IMF සංවිධානය විසින් පාකිස්තානයට නිර්දේශ කර තිබූ යම් බදු ප්‍රතිපත්ති කිහිපයක් නැවත සමාලෝචනය කරන ලෙස පාකිස්තාන රජය ඉල්ලීමක් කර ඇත. එහෙත් එම බදු ඉලක්ක සංශෝධනය සඳහා පාකිස්තානයේ ඉල්ලීම IMF විසින් ප්‍රතික්ෂේප කළ බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළවූයේ මෙවැනි වටපිටාවකදීය. මෙම තත්ත්වය යටතේ ඇප දීමේ පැකේජයේ ඉදිරි වාරිකය රටට ලබාගැනීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බව ඉහත මාධ්‍ය වාර්තා තවදුරටත් අවධාරණය කර තිබිණි. මේ තත්ත්වය යටතේ IMF සංවිධානය දැඩි ලෙස අවධාරණය කර ඇත්තේ රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමට තව තවත් පියවර ගතයුතු බවයි. පාකිස්තානයේ මාධ්‍ය සහ තවත් විදෙස් මාධ්‍ය මෙම ආන්දෝලනාත්මක පුවත වාර්තා කිරීමෙන් පසුව පාකිස්තාන රජය කියා සිටියේ එම පුවත අසත්‍ය එකක් බවයි. පාකිස්තානයේ ෆෙඩරල් ආදායම් මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ එවැනි ඉල්ලීමක් කිසිදු අතථ්‍ය රැස්වීමකදී හෝ සජීවී රැස්වීමකදී හෝ සිදුකර නොමැති බවයි. එසේම එවැනි හමුවක් පසුගියදා සිදුනොවුණු බවත් FBR ආයතනය කර ඇත. සමහර රූපවාහිනී නාලිකා සහ මාධ්‍ය ආයතන පදනම් විරහිත, ගොතන ලද සහ ව්‍යාජ ප්‍රවෘත්ති විකාශය කිරීම ගැන කනගාටුවට පත්වන බවද එම ආයතනය ප්‍රකාශ කර ඇත. පාකිස්තානයේ ඉල්ලීම IMF සංවිධානය ප්‍රතික්ෂේප කරන ලදැයි කියන ප්‍රකාශය තරයේම ප්‍රතික්ෂේප කරන බව ෆෙඩරල් ආදායම් මණ්ඩලය අවධාරණය කර ඇත.

තවද පාකිස්තාන ෆෙඩරල් ආදායම් මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කිසිදු රැස්වීමකදී ඉහත මාතෘකාව කිසි විටෙක න්‍යායපත්‍රයේ කොටසක්ද නොවූ බවයි. එසේම පාකිස්තානයේ ජාතික අවශ්‍යතාවකට අහිතකර බලපෑම් ඇතිකළ හැකි එවැනි ව්‍යාජ පුවත් බෙදාහැරීමෙන් වළකින ලෙසද ෆෙඩරල් ආදායම් මණ්ඩලයේ නිල නිවේදනයකින් කියා සිටියි. මෙවැනි වටපිටාවක් උද්ගතවී තිබුණද මාධ්‍ය ආයතන ප්‍රකාශ කර ඇත්තේ මෙම පුවත සම්පූර්ණයෙන්ම සත්‍ය එකක් බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලෝකයේ රටවලට සහන පැකේජයන් ලබාදෙන්නේ නිකම් හිතුමනාපයට නොවේ. ඔවුන්ගේ කොන්දේසි සහ නීතිරීති රැසකට යටත්ව එම ණය පැකේජයන් ලබාදීම සිදුකරයි. මෙය උපමාවක් ලෙස කිවහොත් ‘ගිරයට හසුවුණු පුවක් ගෙඩියක්’ හා සමානය. ගැළවෙන්නට ක්‍රමයක් නැත. යම් හෙයකින් සහන පැකේජයක් ලබාදීම ආරම්භ කර අතරමගදී එය බාධාකාරී ලෙස ඇනහිටියොත් අදාළ රට විශාල අර්බුදයකට මුහුණ දෙයි. දැන් පාකිස්තානයට සිදුවී ඇත්තේ එයයි. එසේ වූ විට ඉතිරි ණය සහන ලබාදීම අත්හිටුවන අතර, අදාළ රට ‘කබලෙන් ළිපට’ වැටෙනු ඇතිය. ශ්‍රී ලංකාවටද මෙම තත්ත්වයම අදාළ වන්නේය. කෙසේ හෝ ශ්‍රී ලංකාවට IMF වෙතින් ලබාදෙන්නේ ඩොලර් බිලියන 2.9ක ඉතා අඩු පැකේජයක් පමණයි. එහෙත් පාකිස්තානයට එය මෙන් දෙගුණයක් ලබාදීමට නියමිතය. දැනට වසර කිහිපයක සිට පාකිස්තානය පාලනය වන්නේ පාකිස්තානයේ හමුදා බලය යටතේය. මේ හෙයින් රට තවත් ආර්ථික අගාධයට වැටී ඇත.

මෙවැනි වටපිටාවකදී පාකිස්තානයේ IMF සංවිධාන නේවාසික ප්‍රධානී එස්තර් පෙරෙස් රුයිස් ප්‍රකාශ කර ඇත්තේ ව්‍යවස්ථාදායක ආයතනවල අනුමැතිය ඇතිව කෘෂිකාර්මික ආදායම් බද්දක්ද පැනවීමට යන බවයි. පසුගිය කාලය තුළ ඇතිවූ පාකිස්තානයේ අභියෝගාත්මක බාහිර පරිසරය සහ විනාශකාරී බලපෑම් නොතකා, පසුගිය මූල්‍ය වර්ෂය තුළ ආර්ථික හා මූල්‍ය ස්ථාවරත්වය පුනර්ජීවනය කිරීමට පාකිස්තානය සමත්වූ බව ඇය ප්‍රකාශ කර ඇත. එසේම නිෂ්පාදනය උත්තේජනය කිරීම සඳහා සහ වෙළෙඳ බාධක අඩුකිරීම අවධාරණය කිරීම සඳහා ආර්ථික තීරණ ගැනීමේ රජයේ ප්‍රධාන භූමිකාවෙන් බැහැරව එහි වර්ධන ආකෘතිය වෙනස් කරන ලෙසටද ඇය ඉල්ලා සිටියි. එසේම ආර්ථික තීරණවලට රාජ්‍ය මැදිහත්වීම් බැහැර කළ යුතු බවද ෂඵත්‍ නියෝජිත එස්තර් රුයිස් ප්‍රකාශ කර ඇත. වරප්‍රසාදිත කණ්ඩායම් සඳහා ආරක්ෂණවාදය සහ බදු සහන ඉවත් විය යුතු බවද ඇය පෙන්වාදී ඇත. ධනවතුන්ට බදු පැනවීමෙන් සහ බදු නොගෙවන අංශ දැනට ගෙන ඒමෙන්, බදු ප්‍රතිපත්තිය සාධාරණ බවට පත්කරන ලෙසටද ඇය ඉල්ලා සිටියි. ඇය පසුගියදා මෙම අර්බුදය හමුවේ තවදුරටත් මෙසේ අදහස් ප්‍රකාශ කළාය.

‘පාකිස්තානය ප්‍රතිපත්තිමය වැරැදි රැසක් සිදුකර තිබෙනවා. ඒ නිසා නව ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් ප්‍රතිපත්ති රජය විසින් ස්ථාපිත කළ යුතුයි. බදු පදනම පුළුල් කළ යුත්තේ ඒ නිසාය. සමාජ අංශය ආරක්ෂා කරමින් වඩා හොඳ සහ ඵලදායී බදු ක්‍රමයක් නිර්මාණය කළ යුතුයි…’

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඩොලර් බිලියනයකට වඩා ණය ගෙවලා නෑ! ඉන්දියාවේ අදානි සමාගම ලයිට් කපා දමයි! දැන් බංග්ලාදේශයම කළුවරේ! I Sri Lanka Latest News

Next Post

අලුත් ආණ්ඩුව යටතේත් දකුණේ පාතාලය වැඩ අල්ලයි! අම්බලන්ගොඩදී මහපාර මැද වෙඩි තියා දෙන්නෙක් මරා දමයි! Sri Lanka Latest News

MORE NEWS

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

Load More
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

2022 වසරේ අරගලය පැවති සමයේ සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර නැමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් එවක බස්නාහිර ප්‍රදේශය...

Read more
සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.