විශාල වශයෙන් පහත වැටී ඇති මෙරට විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ චීන සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 1,080 ක මුදලක් පිරිනමා ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මුදල් බවට හුවමාරු කරගත හැකි එස්.ඩී.ආර්. හෙවත් විශේෂ ආදාන හිමිකම්, ඇමරිකානු මිලියන 780 ක මුදලක් මෙලෙස ලබාදී ඇති අතර, චීන සංවර්ධන බැංකුව ලබාදී ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 300කි.
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කළේ අදාළ විනිමය ලැබීම හරහා මෙරට විදේශ විනිමය වෙළඳපොලේ ද්‍රවශීලතාව හා ස්ථාවරභාවය ඉහළ යනු ඇති බවයි.
IMF's $800m SDR & CDB's $350m #loan will improve liquidity & stabilize #Forex market. #Exporters & #importers who expected LKR to depreciate would now do well to convert Forex receipts early & phase out imports, respectively. @IMFNews #lka #SriLanka #GoSL #economicrecoveryplan pic.twitter.com/0j8P2YMT8T
— Ajith Nivard Cabraal (@an_cabraal) August 31, 2021










