• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම ආපහු රඟපාන එකක් නැහැ! හැබැයි මගේ ජනප්‍රියත්වය නම් කවදාවත් අඩු වෙන එකක් නැහැ…

December 26, 2021
in Exclusive, Heart
Reading Time: 3 mins read
A A
මම ආපහු රඟපාන එකක් නැහැ! හැබැයි මගේ ජනප්‍රියත්වය නම් කවදාවත් අඩු වෙන එකක් නැහැ…
Share on WhatsAppShare on Facebook

හදාගත්ත නම තියන් පැත්තකට වෙලා ඉන්නවා…

‘ඕලු මලක්’ මෙන් පිපුණු ඒ සුන්දර රුව ඔබට තවමත් මතක ඇති. ඔබ තවමත් මගබලාගෙන ඇති ඇයගේ රැඟුම්, ගැයුම් දැකබලා ගන්නට. ඒත් එයට පිළිතුරක් දීමට අපට අපහසු නිසා ඒ ගැන ඔබට කියන්නට ප්‍රවීණ රංගන ශිල්පිනී මංජුලා කුමාරිව කෙටි පිළිසඳරකට අපි සම්බන්ධ කරගත්තා. මංජුලා අපට පැවැසුවේ මෙවන් අදහසක්…

මංජුලා මේ දවස්වල නත්තලට සූදානම් වෙනවා වගෙයි..?
ඔව්… පොඩි අයත් එක්ක එකතුවෙලා මම නත්තල් ගස් දෙකක් සැරැසුවා. මම කතෝලික බැතිමතෙක් නෙවේ. නමුත් ජාති, ආගම් භේදයක් නොතකා හැම උත්සවයක්ම මම ගෙදර සමරනවා. හැම අවුරුද්දේම පුරුද්දක් විදියට නත්තල් සමරනවා. ඉතින් මෙවරත් ඒ විදියටම සමරනවා.

ඔබ අඛණ්ඩව ‘රිදී රැයක්’ ප්‍රසංගයට සම්බන්ධ වුණා. ඉතින් මෙවර ඔබේ දායකත්වය කොයි වගේද?
2004 ඉඳලා මම ‘රිදී රැයක්’ ප්‍රසංගයට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඉතින් මෙවර ඒ විදියටම සම්බන්ධ වීමට ආරාධනාවක් ලැබුණා. කලා ක්‍ෂේත්‍රයේ සුන්දරම ප්‍රසංගය තමයි ‘රිදී රැයක්’ ප්‍රසංගය. ඒ ප්‍රසංගයට සම්බන්ධ වීමෙන් ප්‍රවීණ රංගන ශිල්පීන් සමග එකම වේදිකාවක අදහස් හුවමාරු කරගෙන කතාබහ කරන්න පුළුවන් සුන්දරම අවස්ථාවක්. හරිම ආශාවෙන් තමයි මම ‘රිදී රැයක්’ ප්‍රසංගයට සම්බන්ධ වෙන්නේ. මෙවර ‘රිදී රැයක්’ ප්‍රසංගයේ රොෂාන් පිලපිටිය සමග තමයි ඉදිරිපත් කිරීමක් කරන්නේ. ඉතින් මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට ආරාධනා කරනවා දෙසැම්බර් 31 ‘රිදී රැයක්’ සමග අවුරුදු උදාව සමරන්න කියලා සතුටින්.

ඔබ දැන් රංගනයෙන් සමුගෙනද..?
මම දැන් නිර්මාණ සඳහා සම්බන්ධ වෙනවා අඩුයි. මොකද මට ඒ වෙනුවෙන් ලොකු කාලයක් වැය කරන්න අපහසුයි. දරුවන් එක්ක තමයි මම කාලය ගතකරන්නේ. දරුවන් ළඟ අම්මා කෙනෙක් සිටිය යුතුම කාලය තමයි මේ. ඔවුන්ගේ අනාගතය හදන්න තමයි මම කැපවෙලා ඉන්නේ. සමහර විට මම ඉදිරියේදී නිර්මාණ සඳහා දක්වන දායකත්වය අඩු වෙන්න පුළුවන්.

එලෙස නිර්මාණවලට සම්බන්ධ නොවීමෙන් ඔබේ ජනප්‍රියත්වය අඩුවෙයිද?
මම එය කවදාවත් හිතන්නේ නැහැ. මගේ පෙර පිනකට ’ඕලු’ චරිතය තුළින් ප්‍රේක්‍ෂකයන්ගේ හදවත්වල රැඳෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් මම නැති කාලෙක වුණත් ‘ඕලු’ චරිතය ප්‍රේක්‍ෂකයන්ට මතකයේ රැඳෙයි. ඒ ලැබුණු ජනප්‍රියත්වය කිසිදාක අඩු වෙයි කියලා මම හිතන්නේ නැහැ. තවමත් පාරට බැස්සත් මට කතා කරන්නේ ‘ඕලු’ කියලා තමයි. මම වෘත්තීය මට්ටමෙන් කටයුතු කරන තැනක් නෙවෙයි කලාව.

ඉදිරියේදී මංජුලා සම්බන්ධ වුණු නිර්මාණ එහෙම තිබෙනවද දැකබලා ගන්නට?
සුමිත් රත්නායක අධ්‍යක්‍ෂණය කරපු ‘රං කොල්ලා’ චිත්‍රපටයේ සහ ලලිත් රෝහිත එදිරිසිංහ අධ්‍යක්‍ෂණය කරපු ‘තට්ටු දෙකේ ඉස්කෝලේ’ චිත්‍රපට හරහා මගේ රංගනයන් දැකබලා ගන්නට පුළුවන්.

මේ වෙලාවේ ඔබ ගත්ත තීරණය හරිද?
අනිවාර්යයෙන්ම මම හදාගත්තු නම රැකගෙන මෙහෙම පැත්තකට වෙලා නිහඬව ඉන්න එක තමයි හොඳම දේ කියලා මට හිතෙනවා. මෙගා ටෙලිනාට්‍යවලින් මට ආරාධනා එනවා. ඒත් මම කැමැති නැහැ සම්බන්ධ වීමට.

ඉදිරියේදී විදේශගත වීමට සූදානමින් සිටිනවා කියන්නේ ඇත්තද?
පසුගිය කාලේ රටේ තිබුණු වාතාවරණයත් එක්ක විදේශගත වීමට නොහැකි වුණා. මමත්, නංගීත් ලබන වසරේ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමට තමයි සූදානමින් ඉන්නේ.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය 2020 වාර්ෂික වාර්තාව සඳහා “රිදී” සම්මානය හිමිකර ගනී…

Next Post

ගම්මන්පිල විමල්ලාගෙන් වෙන්වෙයි! වෙනම ගමනක් යන්න තීන්දු කරලාද?

MORE NEWS

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.