උත්සව සමයේ සාදවලට යන්නේනම් රියදුරෙකු රැගෙන යන ලෙස පොලිස් රථවාහන කොට්ඨාසයේ ජේෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල මහතා පැවසීය.Sri Lanka Latest News
එසේ නොමැතිනම් කුලී රථයක යාම වඩාත් සුදුසු බව පැවසීය.
මේ වසරේ ගතවූ කාලය තුළ මාර්ග අනතුරු 21312ක් වාර්තා වී තිබේ. එම අනතුරුවලින් 2163 මියගොස් තිබේ. 5296 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
දෙසැම්බර් මාසයේ සහ ජනවාරි මුල් සතිය තුළ සිදුවන මාර්ග අනතුරුවල වර්ධනයක් ඇතිබව පැවසීය.
මෙම මාසයේ ගතවූ දින 04 තුල බීමත් රියදුරන් 2427 දෙනෙකු අත්තඩංගුවට ගෙන තිබ.
අපරික්ෂාරී රිය ධාවනය හේතුවෙන් රියදුරන් 232 අත්තඩංගුවට ගෙන ඇතිබව පැවසීය.










