අපේ ෆෝන් එක කියන්නේ දැන් අපේ මුළු ජීවිතේම වගේ. බැංකු විස්තර, පුද්ගලික ඡායාරූප , වීඩියෝ සහ මැසේජස් මේ හැම දෙයක්ම තියෙන්නේ ෆෝන් එක ඇතුළේ. ෆෝන් එක කැඩුණු වෙලාවට එය හදාගන්න කඩේකට දෙනවා කියන්නේ, නොදන්නා කෙනෙක් අතට අපේ මේ සියලු රහස් ලබාදෙනවා වගේ වැඩක්. ඒ නිසා ඔබේ ෆෝන් එක රෙපෙයාර් කරන්න දෙන්න කලින් පහත පියවර අනුගමනය කිරීම අනිවාර්ය වේ. Sri Lanka Latest News
- මෙමරි කාඩ් සහ සිම් කාඩ් ගලවන්න.
බොහෝ දෙනෙක්ට අමතක වන, නමුත් වැදගත්ම දේ මෙයයි. ඔබේ පුද්ගලික ඡායාරූප සහ වීඩියෝ සේව් වෙලා තියෙන්නේ මෙමරි කාඩ් එකේ නම්, ෆෝන් එක කඩේට දෙන්න කලින් එය ගලවා ඔබ ළඟ තබාගන්න.
අවදානම :
යම් හෙයකින් කාමුක හෝ ඉතාමත් පුද්ගලික වීඩියෝ එහි තිබුණහොත්, ඒවා පිටපත් කරගැනීමේ ලොකු රිස්ක් එකක් තියෙනවා. කිසි විටෙකත් එම අවදානම ගන්න එපා.
- පාස්කෝඩ් හෝ පැටන් එක කිසිවිටෙකත් ලබා නොදෙන්න.
ෆෝන් එක හදන කෙනා, ‘ෆෝන් එක චෙක් කරන්න ඕනෙ, පාස්වර්ඩ් එක දෙන්න’ කියලා ඉල්ලන්න පුළුවන්. නමුත් එය ලබාදීම ඉතා භයානකයි.
ඇයි එපා කියන්නේ?
ෆෝන් එක අන්ලොක් වුණු ගමන්, ඔබේ ගැලරි, සෝෂල් මීඩියා, ගූගල් ෆොටෝස් වැනි ඕනෑම තැනකට පිවිසීමට අලුත්වැඩියා කරන්නාට පුළුවන් වෙනවා.
විසඳුම:
ෆෝන් එකේ ඩිස්ප්ලේ එක හෝ වෙනත් කොටසක් මාරුකර එය වැඩදැයි පරීක්ෂා කිරීමට අවශ්‍ය නම්, ඔබ ඉදිරියේදීම එය අන්ලොක් කර පෙන්වන්න. එසේත් නැතිනම් ෆෝන් එක සම්පූර්ණයෙන්ම රීසෙට් කර ලබාදෙන්න.
- දත්ත බැකප් කර ෆෝන් එක ෆෝමැට් කරන්න.
හැකි නම් පමණක්, ඔබට ෆෝන් එක ඔන් කිරීමට හැකි තත්ත්වයක් ඇත්නම් (උදාහරණයක් ලෙස ඩිස්ප්ලේ එක කැඩී ගියත් ටච් එක වැඩ නම්), ඔබේ දත්ත සියල්ල පරිගණකයකට හෝ ක්ලවුඩ් එකට (ගූගල් ඩ්‍රයිව්, ක්ලවුඩ්) බැකප් කරන්න. ඉන්පසු ෆෝන් එක ෆැක්ටරි රීසෙට් කරන්න. මෙය තමයි ආරක්ෂිතම ක්‍රමය. - මේන්ටෙනන්ස් මෝඩ් පාවිච්චි කරන්න.
සැම්සුන් වැනි නවීන දුරකතනවල ‘මේන්ටෙනන්ස් මෝඩ්’ කියලා පහසුකමක් තියෙනවා. ෆෝන් එක හදන්න දෙන්න කලින් මේක ඔන් කළාම, අලුත්වැඩියා කරන කෙනාට ඔබේ ෆොටෝ හෝ මැසේජස් බලන්න බැහැ. ඔවුන්ට පාවිච්චි කරන්න පුළුවන් ෆෝන් එකේ මූලික සිස්ටම් එක විතරයි. - සෝෂල් මීඩියා සහ ක්ලවුඩ් ගිණුම්වලින් ලොග් -අවුට් වන්න.
ෆෝන් එක ෆෝමැට් කරන්න බැරි අවස්ථාවක නම්, අඩුම තරමේ ඔබේ ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, ගූගල් ෆොටෝස් සහ විශේෂයෙන්ම බෑන්කිං ඇප්ස්වලින් ලොග්-අවුට් වීමට වගබලා ගන්න. - ඇප් ලොක් භාවිත කරන්න.
ෆෝමැට් කරන්නත් බැරි නම්, මේන්ටෙනන්ස් මෝඩ් එකත් නැත්නම්, අඩුම තරමේ ඔබේ ගැලරි සහ ෆයිල් මැනේජර් එකට වෙනම පාස්වර්ඩ් එකක් දමා ලොක් කරන්න (ඇප් ලොක් භාවිතයෙන්).
විශේෂ උපදෙසක් :
‘ෆෝන් එක හදන කෙනා විශ්වාසවන්තයි’ කියලා හිතලා කවදාවත් ඔබේ පුද්ගලික දත්තවල ආරක්ෂාව ගැන සැහැල්ලුවෙන් හිතන්න එපා. අලුත්වැඩියා කරන ස්ථානයේදී ඔබේ ෆෝන් එක අතින් අතට මාරුවෙන්න පුළුවන්. ඒ නිසා පරෙස්සම වගේම, සැකයත් නිතරම හොඳයි.










