• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒරාෂ්ටක කියන්නේ විහිළුවක් නෙවෙයි! ජීවිතේ මේ විදියට ගතකළොත් ඒරාෂ්ටකෙන් බේරෙන්න පුළුවන්! ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂ දිනේෂ් සුබසිංහ ඒරාෂ්ටකයෙන් ගැළවුණු හැටි! Sri Lanka Latest News

July 5, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ඒරාෂ්ටක කියන්නේ විහිළුවක් නෙවෙයි! ජීවිතේ මේ විදියට ගතකළොත් ඒරාෂ්ටකෙන් බේරෙන්න පුළුවන්! ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂ දිනේෂ් සුබසිංහ ඒරාෂ්ටකයෙන් ගැළවුණු හැටි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සංගීත අධ්‍යක්ෂවරයකු සේම දක්ෂ වයලීන වාදයකයකුද වන දිනේෂ් සුබසිංහ මහතා, තමන් ජීවිතයේ අත්විඳි කටුක අත්දැකීම් ජයගත් ආකාරය ගැන යූටියුබ් නාලිකාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී මෙලෙස අදහස් දක්වා තිබුණා. Sri Lanka Latest News

‘මම දැනට අවුරුදු හතහමාරක් ඒරාෂ්ටකයක් ගෙවලා ඉවරයි. හැබැයි විෂ්ණු දෙවියො බටකොළ කෑවා. වේදයේ තියෙනවා විෂ්ණු දෙවියෝ කියනවලු මට ඒරාෂ්ටකය බලපාන්නේ නෑ, මම යනවා කැලේකට වෙලා ඉන්නවා කියලා. කැලේකට වෙලා අවුරුදු ගාන ඉඳලා විෂ්ණු දෙවියෝ දේව සභාවට ඇවිල්ලා කියනවා බලන්න මට ඒරාෂ්ටකය බලපෑවේ නෑ කියලා. එතකොට දේව සභාව කියනවලු මෙච්චර ගරු බුහුමන් ලබන, මෙච්චර දුම් පූජා ලබන ඔබවහන්සේ කැලේකට වෙලා බටකොළ කාපු ටිකම මදිද කියලා. ඉතින් ඒ කියන්නේ ඒරාෂ්ටකය කියන්නේ මේවා මිනිස්සු කියනවා විහිළු කියලා. විහිළු නෙමෙයි. මිනිස්සු කරපු හොඳට ලැබෙන සැප ප්‍රමාණයක් තියෙනවා, ඒ වගේම මිනිස්සු කරපු පවුවලට ගෙවන්න කාලෙකුත් තියෙනවා. ඉතින් ඒ පවුවලට ගෙවන කාලයට තමයි ඒරාෂ්ටකය කියලා කියන්නේ.

දැන් මට ඕක තියෙද්දී මගේ මෙඩිටේටර් නියම කළා ෂෝස්වලට ගියොත් එයා ආශීර්වාද කරනවා. මගේ වෘත්තීය ජීවිතයටත් ආශීර්වාද කරනවා. මට අවශ්‍ය විදිහේ, ඒ අවශ්‍යම එනර්ජි එක ගන්න ඕනෙ විදිහේ තියෙන ප්‍රැක්ටිස් එකට ගන්න ඕනෙ සේරම මෙතඩ් එක දෙනවා. හැබැයි ජීවිතේ අනවශ්‍ය විදිහට විඳින්න එපා කියලා එයා මට කිව්වා. පැය හයක් හෝ පහක් මගේ පුස්තකාලය ඇතුළේ මම භාවනා කරන්න ඕනෙ. මම ගිහිල්ලා පබ්වල, ක්ලබ්වල ආතල් දාලා, මිනිස්සු එක්ක ෆන් අරන් එහෙම බෑ. ප්ලේ කරා ගෙදර ආවා. ප්ලේ කරා ගෙදර ආවා. ඇකඩමිකලි මොකක් හරි ටුවර් එකක් ගියොත් සොබාදහම පොඩ්ඩක් එන්ජෝයි කරන්න පුළුවන්. හැබැයි අදාළ වෙලාවේදී කාමරේට යන්න ඕනේ. අනවශ්‍ය විදිහට ලෝකේ විඳින්න බෑ. මොකද ඔයාට අවුරුදු හතහමාරක් යන්නේ පවට ගෙවන්න කාලයක්. පවට ගෙවන්න කාලයක් යනවා කියන්නේ සොබාදහම තමාගේ ඇඟේ තියෙන ශක්තියෙන් 80%ක් අයින් කරනවා. එතකොට තමාව අනිත් මිනිහට පේන්නේ පැරණි දිනේෂ් සුබසිංහ විදියට නෙවෙයි දිරවන්නේ නැති චරිතයක් විදියට. ඇයි, සොබාදහම ඒ වෙලාවට එයාට යථාර්ථය උගන්වනවා. ධර්මය උගන්වනවා. මිනිස්සු තනිවෙච්ච දවසට තමයි ධර්මය ඉගෙන ගන්නේ. හොඳට බලන්න මිනිස්සුන්ට භාවනා කරන්න, ධර්මයට යන්න ඕනෙ වෙන්නේ ඔක්කොම ව්‍යාපාර කැඩිලා විනාශ වෙලා ගිය දවසට තමයි. එතකොට එයාට ධර්මය මතක් වෙනවා. හැබැයි ආයෙ ටික කාලෙකින් රෙස්ටෝර් කරන්න එයාගේ පරණ ටික, පරණ සතාව තමයි.

අපේ හොඳම චරිත අරන් බලන්න. ලස්සනට ඇවිල්ලා අනවශ්‍ය තැන්වල අපහාස කතා කියලා හිරේ ගිහිල්ලා, එක එක වීඩියෝ ලීක් වෙලා, ලංකාවට කීර්තිය ගෙනාපු මිනිස්සු කීදෙනෙක් අපකීර්තියට පත්වෙනවද? මේ කාලවකවානුවේ එහෙම වෙනවා. ඒ කියන්නේ තමාට පවක් ගෙවන්න තියෙන කාලේ සෙල්ලම් කරන්න එපා. ඒකෙදි පුළුවන් තරම් ධාර්මික දේවල් කරගෙන සිහිය තියාගෙන, ෆෝකස් එක තියාගන්න. බුදුහාමුදුරුවොත් කියන්නේ සිහිය හරියට තියාගෙන යන මිනිහට සෑහෙන දේවල් පන්නන්න පුළුවන්. ඉතින් මම ඒකෙන් අවුරුදු හතහමාරක් ගියා. මම මම බටකොළ කෑවේ නෑ. දැන් මගේ පැරණි අවුරුදු හතහමාර අරන් බලන්න. ‘ටෝන් පොයම්’ කළා. ‘ඉමොරිස් ටියුන්ස්’ කළා, ‘බයිලා සාදය’ කළා. සම්මාන දහයක් පහළොවක් ගත්තා. රටවල් 25ක 30ක ගිහිල්ලා තියෙනවා. ජාතික මට්ටමේ පුද්ගලයෝ එක්ක ගනුදෙනු කරලා තියෙනවා. හොඳ නිර්මාණ ටිකකුත් කරලා තියෙනවා. මිනිස්සුන්ගේ ආදරෙත් තියෙනවා. මිනිස්සු මට ලේසියකට ඔය අන්තර්ජාලයේ වුණත් බණින්නේ නැහැ. කමෙන්ට් 1000ක් අස්සේ ඕනෙ නම් දෙන්නෙක් බණියි. ඉතින් මම හිතනවා ඒ ගුරුවරයා දීපු ආශීර්වාදයයි, මගේ විනය සහ ප්‍රැක්ටිස් එකත් එක්ක ඒ කාලේ පන්නන්න මට පුළුවන් වුණා කියලා. හැබැයි ඒක මම ක්‍රෙඩිට් එකක් විදිහට කියන්නේ මේ අවුරුදු මිලියන ගානක් ලෝකේ තියෙන සබ්ජෙක්ට්වලට අපහාස කරන්න එපා. ඒවා ගොඩක් ශාස්තෘවරු අවුරුදු දහස් ගාණක් ධ්‍යාන ලබමින් ආපු අය තමයි මේවා හැදුවේ.

ජේසුස් වහන්සේ ගවලෙනේ උප්පත්තිය සමරනකොට වල්ගා තරුවක් පායනවා. කිතුනු සභාව ජ්‍යොතිෂ්‍ය ප්‍රතික්ෂේප කළාට ජේසුස් වහන්සේගේ උප්පත්තියේ අනාවැකිය දුන්නේ ජනවාරි හයවැනිදා මංගල්‍ය තිබ්බේ ජ්‍යොතිෂ්‍යය. එතකොට සමහර බොරුකාරයෝ හන්දිවල බෝඩ් ගහලා මේ ශාස්ත්‍රවලින් හම්බ කළාට මේ සබ්ජෙක්ට් බොරු නෙවෙයි. මේවා ඇතුළේ තියෙන්නේ ලොකු යථාර්ථයක්. ඒවා හරියට කරනවා කියන්නේ තව මිනිහෙක් රිද්දන කලාවෙන් අයින් වෙන්න පුළුවන්. තව මිනිහෙක් රිද්දපුවම තමයි අපිට රිටර්න් එකේ අපේ රිදිල්ල එන්නේ. ඉතින් ඒක ලෝකෙටම මම හිතනවා අත්‍යාවශ්‍යයි. තව මිනිහෙක් රිදවන කලාවෙන් අයින් වෙලා තමයි අපි ගමන යන්න ඕනේ….’

(MirrorArts ටික්ටොක් ගිණුමෙනි)

SendShareShare
Previous Post

දවස් කීපයකට කලින් ඇතුළට දාපු RMV ලොක්කත් ඔන්න එළියට ආවා! Sri Lanka Latest News

Next Post

දවස් කීපයකට කලින් ඇතුළට දාපු RMV ලොක්කාත් ඔන්න එළියට ආවා! I Sri Lanka Latest News

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.