• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුන්නොත් ඉවරයි! Sri Lanka Latest News

September 14, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
දුන්නොත් ඉවරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දිනවල ලෝකයේම කතාබහට ලක්ව ඇති නේපාලයේ හිටපු අගමැති ෂර්මා ඔලි මේ වනවිට සිටින්නේ විදෙස් රටකට පලාගොස්ය. නේපාලයේ Gen Z පරම්පරායේ උද්ඝෝෂණ හමුවේ අවසානයේදී ඔලිටද සිදුවූයේ ලංකාවේ ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාටද සිදුවූ සන්තෑසියටම මුහුණ දෙන්නටය. Sri Lanka Latest News

නමුත් මේ ලිපියෙන් අප ලියන්නට යන්නේ නේපාල අගමැතිවරයාට රටත් දමා පලායන්නට සිදුවූ පුවත පිළිබඳ නම් නොවේ. නේපාල අගමැතිවරයාට සිදුවූවා හා සමාන තවත් විශේෂ තනතුරු අහිමි වීම් කිහිපයක් ගැන කියන්නටය. ඒ සඳහා හේතු වූයේ එම තනතුරු අහිමි වීම් සිදුවූ සෑම පුද්ගලයෙකුම ඊට ආසන්න කාලයේදී එක්තරා විශේෂ පුද්ගලයකු මුණගැසී තිබීමය. ඒ වෙන කවුරුවත් නොව ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සියල්ලන්ටම තනතුරු අහිමි වීමට මොහොතකට පෙර හෝ ඊට ආසන්න දිනකදී අතට අත දී තිබීමය. එහෙමත් නැතිනම් දුරකතන ඇමතුමක් හෝ ලබාදී තිබීමය.

මෙහි ආසන්නතම උදාහරණය අප මුලින් සඳහන් කළ නේපාල අගමැතිවරයාගේ තනතුර අහිමිව රටින් පලායෑමය. නේපාල අගමැති ෂර්මා ඔලිට රනිල්ව මුණගැසී තිබුණේ පසුගිය ජනවාරි මාසයේදීය. ඒ, නේපාලයේ කත්මන්ඩු අගනුවර පිහිටි ෂර්මා ඔලිගේ නිල නිවසේදීය. එම හමුව සඳහා මග පාදා දී තිබුණේ නේපාල මන්ත්‍රීවරයකු මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයකුද වන විනෝද් චෞද්රිය.

රනිල්ට අතට අතදුන් ඔලිට රටින් පැන යන්නට සිදුවූවා සේම මෙම හමුවට මගපෑදූ රනිල්ගේ හිතවතා වන විනෝද් චෞද්රිගේ දැවැන්ත ව්‍යාපාර ආයතන දෙකකට ගිනි තැබීමටද අරගලකරුවන් කටයුතු කොට තිබිණි.

අරගලය එන විට රනිල් පාර්ලිමේන්තුවේ සිටියේ හරියට භේරුණ්ඩ පක්ෂියා වගේය. හදිසියකට කතා කරනට එ.ජා.ප.යේ කියා එකෙක් පාර්ලිමේන්තුවේ සිටියේ නැත. එහි සිටි එකම යූ.ඇන්.පී.කාරයා වූයේ රනිල්ය. ආන්න එලෙස පාර්ලිමේන්තුවේ තනිවී සිටි රනිල් අගමැති කරන්නට ගෝඨාභය කටයුතු කළේය. එසේ කිරීමෙන් පසු දෙමසකට වඩා තනතුර රැකගන්නට ගෝඨාට නොහැකි වූයේය. ජනතා විරෝධය හමුවේ ගෝඨාභය නතර වූයේ මාලදිවයිනට පලාගොසිණි.

අගමැති පුටුවට ගොඩවූ රනිල් මුලින්ම කතා කළ කීප දෙනා අතර බි්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ද වූයේය. 2022 මැයි 30 වැනිදා බි්‍රතාන්‍ය අගමැතිවරයාට කතා කළ රනිල් වික්‍රමසිංහ ඒ ගැන ට්විටර් පණිවුඩයක්ද නිකුත් කළේය. තමා බි්‍රතාන්‍ය අගමැතිවරයාට කතා කළ බවත්, ලංකාවට උදව් කිරීමට ඔහු එකඟවූ බවත් ඉන් කියැවිණි. එහෙත් ලංකාවට උදව් කරනවා තබා ඔහුට තම අගමැතිකමවත් බේරාගන්නට බැරි වූයේය. ජූලි මස 07 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ලිස් ට්‍රස්ට් හට ඩවුනින් වීදියේ අගමැති නිල නිවෙස භාරදී ගෙදර යන්නට ජොන්සන්ට සිදුවූයේය.

2021 ඔක්තෝබරයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයන් සහ ඩොලර් බිලියන 13කට අධික බැඳුම්කරවල ආයෝජනය කරන ලද ණය හිමියන් අතර සාකච්ඡාවක් ඇමෙරිකාවේදී පැවැත්විණි. ඒ අතර ලංකාවෙ ලොකුම ණය හිමියා වන චීනයේ මුදල් ඇමැති ලියු කුන් හා ශ්‍රී ලංකාවේ ජනාධිපති අතර දුරකතන සාකච්ඡාවක් සිදුවූයේය. ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උදව් කරන්නට ඔහු ඉදිරිපත් වූ බවද කියැවිණි. එහෙත් ලංකාවට උදව් කරනු කෙසේ වෙතත් දෙසතියක් තුළ ඔහුට සිය මුදල් ඇමැතිකම අහිමිව ගියේය. ඊට හේතුව නැවත වරක් ජනාධිපති ධුරයට තේරීපත්වූ ෂී ජින්පින් ලියු කුන් ධුරයෙන් ඉවත් කිරීමය.

2021 නොවැම්බර් මාසයේ COP27 සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊජිප්තුවට ගියේය. එහිදී ඔහුට බි්‍රතාන්‍යයේ අග්‍රාමාත්‍ය රිෂී සුනක් මුණගැසුණි. රනිල් හා සුනක් මුණගැසුණේ නොවැම්බර් හත්වැනිදාය. ඒ හමුවට මාසයක් ගතවීමටත් පෙර සුනක් දේශපාලන වංකගිරියක අතරමං වන ලකුණු පෙනෙන්නට විය. දෙසැම්බර් මුල් සතියේ පැවැති බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ වයඹදිග එංගලන්ත ආසනය සඳහා වූ විශේෂ මැතිවරණයෙන් සුනක්ගේ කොන්සර්වෙටිව් පක්ෂය පරදා ලේබර් පක්ෂය විශිෂ්ට ජයක් ලැබීය. ඒ සිදුවීමෙන් පසු බි්‍රතාන්‍ය අගමැති සුනක් මුහුණදෙන දේශපාලන අර්බුදය තීව්‍ර වෙමින් අවසානයේදී මහ මැතිවරණයත් පරාජයට පත්ව දේශපාලනයට තිත තැබීමටද සුනක්ට සිදුවිය. අනතුරුව සුනක්ට සිදුවූයේ තමන්ට හුරුපුරුදු බැංකු ක්ෂේත්‍රයේ උපදේශකවරයකු වශයෙන් කටයුතු කිරීමටය.

මීට අමතරව රනිල් රැජිනගේ අවමඟුලට සහභාගි වූ අවස්ථාවේදී හිටපු බි්‍රතාන්‍ය මන්ත්‍රීවරයකු වන නිරන්ජන් දේවාදිත්‍ය විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධාන කොට තිබිණි. ඊට ලාංකීය සම්භවයක් සහිත බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රනිල් ජයවර්ධනද එක්ව සිටියේය. එහිදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හා රනිල් ජයවර්ධන මන්ත්‍රීවරයා අතර සුහද සාකච්ඡාවක්ද ඇතිවිය. නමුත් පුදුමය කියන්නේ මෙම සාකච්ඡාව පවත්වා දින කිහිපයකට පසු රනිල් ජයවර්ධනටද දේශපාලන බාල්දියක් පෙරළිණි.
මේ සිදුවීම් පෙළේ තවත් සිදුවීමක් වාර්තා වූයේ 2022 දෙසැම්බරයේදීය. විදෙස් සමුළුවකට සහභාගිවී ආපසු යමින් සිටි දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා පැය කිහිපයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටියේය. ඒ සුළු වේලාව ඔහු සිටියේ කටුනායක ගුවන් හමුදා කඳවුරේය. එදිනට දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාගේ උපන් දිනයද යෙදී තිබිණි. මේ බව දැනගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කේක් ගෙඩියක්ද රැගෙන දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා මුණගැසීමට ගොස් කේක් කපා ඔහුට සර්ප්‍රසිස් පාටියක්ද දුන්නේය. එහෙත් උපන්දින පාටියේ සතුට යන්නටත් පෙර සිරිල් රමපෝසාට අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවිය. ඒ එරට මුදල් විශුද්ධිකරණ කමිටුවක් මගින් නීති විරෝධී ඉපැයීම් පිළිබඳ විමර්ශනයකදී ඔහු වැරදිකරු කිරීමය. අවසානයේදී රමපෝසාටද ගෙදර යෑමට සිදුවිය.

මෙහි සඳහන් කළේ රනිල් අතට අතදුන් විදෙස් නායකයන්ට, මැති ඇමැතිවරුන්ට සිද්ධ වුණු සන්තෑසියය. මීට අමතරව ලංකාවේ රනිල් සමග දේශපාලනය කරන්නට ගිහින් ඇනගත් රාජ්‍ය නායකයන් මෙන්ම දේශපාලනඥයන්ද බොහෝ සිටිති. ඉන් දෙදෙනකු වන්නේ හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂය. ගෝඨාට ජනාධිපතිකම අහිමිව රටින් පැන යන්නට සිදුවිය. මහින්දට අන්තිමේ තමන් එතෙක් සිටි නිවසින්ද යෑමට සිදුවිය. රනිල්ව ජනාධිපති කරන්නට වැඩ කළ රාජපක්ෂ පවුලට පමණක් නොව පොහොට්ටුවටද මේ වනවිට යනඑන මං නැතිව තිබේ. එමෙන්ම රනිල් සමග ඇමැතිකම් කළ සියලු දෙනාගේම දේශපාලනය අවසන්ව ගොස් තිබේ. සමහරු අද සිටින්නේ හිරේය. තවත් සමහරුන්ට ජීවිත කාලයටම උසාවියේ ලගින්නට නඩු වැටී තිබේ.

ඒ නිසා රනිල් සමග යන්නට දතකට මැදගෙන සිටින අයටද මෙය හොඳ දේශපාලන පාඩමක් බව අමුතුවෙන් කිව යුතු නැත.

SendShareShare
Previous Post

අත් දෙකත් නෑ! කකුල් දෙකත් නෑ! ඔළුවත් නෑ! අභිරහස් මළසිරුරක් මාරවිල බීච් එකේ! I Sri Lanka Latest News

Next Post

ඉන්දුනීසියා මෙහෙයුමට අනුරත් බහී! හිතාගන්න බැරි නම් ලයිස්තුවක් පද්මෙ එළියට දමයි! පාතාලයන්ට කරන්න යන දේ මෙන්න! බන්ධනාගාරවලටත් ලොකු සුද්දයක්! සජිත් සජබෙ කොන්ද කෙළින් කරයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.