• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක මැච් එකක 217 ගැහුවා! යන්න ආස තෝමස් එකට! මහේල හම්බවෙන්න ආසයි! වැඩිහිටි කන්ද පාමුල තේ කඩෙන් මතුවුණු කතරගම ජනාධිපතියෙ සුපිරි වැඩ්ඩා! Sri Lanka Latest News

March 7, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
එක මැච් එකක 217 ගැහුවා! යන්න ආස තෝමස් එකට! මහේල හම්බවෙන්න ආසයි! වැඩිහිටි කන්ද පාමුල තේ කඩෙන් මතුවුණු කතරගම ජනාධිපතියෙ සුපිරි වැඩ්ඩා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝක කුසලානය ඉවරයි. අලුත් බලාපොරොත්තු මොනවා හරි ඉතුරුද? ඔබේ උත්තරය මොකක්ද? අපි බලාපොරොත්තු වුණාට වඩා අපේ කණ්ඩායම ඉස්සරහට ගියාද? එහෙම නැත්නම් බලාපොරොත්තු වුණාටත් වඩා පහළ තැනක නැවතුණාද? ලෝක කුසලානය තිබුණේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ. අපි සෙල්ලම් කළේ අපේ රටේ, අපේ ක්‍රීඩාංගණවල. අපේ තණතීරුවල. අපි දන්න අපේ ක්‍රීඩකයෝ පුංචි කාලේ ඉඳලා ක්‍රිකට් ගහපු තණතීරුවල. නමුත් ප්‍රශ්නය තියෙන්නේ අපි පරාජය වුණා. අපිට සුපිරි අට දෙනාගෙන් එහාට යන්න බැරි වුණා. එතකොට ආපු තර්කයක් තමයි මේ කොළඹ, මීගමුව, ගාල්ල ප්‍රධාන නගරවල ඉන්න කොල්ලෝ ටික ගෙනල්ලා ක්‍රිකට් ගහලා කුසලානයක් ගන්න අපිට බෑ කියලා. ක්‍රිකට් ගමට නොගිහින් මේක කරන්න බෑ කියලා. ඉතින් ක්‍රිකට් ගමට ගෙනියන්න ගමේ ඉන්නවද එහෙම කොල්ලෝ කෙල්ලෝ? ගමේ වෙලේ කුඹුරු යායක ක්‍රිකට් ගහන එකකටවත්, ගමේ පිට්ටනියේ ටෙනිස් බෝලෙන් ක්‍රිකට් ගහන අයවත් අරගෙන ක්‍රිකට් හදන්න පුළුවන්ද?Sri Lanka Latest News

ඉතින් ඔන්න අපි තීරණය කළා ඒක එහෙම කරන්න පුළුවන් කියලා. අපි හොයාගත්තා ලංකාවේ ජාතික කණ්ඩායමට දොර ඇරගන්න පුළුවන් ඈත ගමේ පිපිච්ච වන්නි වනාන්තරවල පරවෙලා යන මල් කැකුළු තියෙනවා කියලා. ඇත්තම කතාව කියනවා නම්, මේක එහෙම මල් කැකුළු හොයාගෙන ඇවිදපු ගමනකදී අපිට මුණගැහුණු අවස්ථාවක් නෙමෙයි. ලියුම්කරු අතිශය පුද්ගලිකම කාරණයකට වැඩිහිටි කන්ද වඳින්න ගිය වෙලාවේ හම්බවුණු කෙනෙක් ගැනයි මේ සතියේ මේ විදිහට ලියන්න තීරණය කළේ.
වැඩිහිටි කන්ද පාමුල කඩ පේළියක් තියෙනවා, මං හිතන්නේ ඔබ ඒක දැකලා ඇති. අපිත් සුපුරුදු පරිදි ගිහිල්ලා අපේ වාහනය මේ කඩ පේළිය ඉදිරිපස තියෙන හෙවණැල්ලක් යට නතර කළා. මේ හෙවණැල්ල යට වාහනය නතර කරපු අපිට විවිධ කඩ සාප්පුවල ඉන්න අයගෙන් යෝජනාවල් එනවා, කෑම කන්න, තේ බොන්න, මල් ගන්න, සෙල්ලම් බඩු ගන්න මේ වගේ දේවල් ගොඩක්. ඒ අතරතුරේ වැඩිය සද්ද බද්ද නැති කඩේකට අපි ගොඩවුණේ වෙනමම කාරණයකට.

කඩේට යනකොටම මම දැක්කා කඩේ බීම රාක්ක අතරතුර තියෙන කුසලානයක්. ඒ වගේම කඩේ කැෂියර් ඉන්න තැනට පිටුපසින් කවරෙක දාපු ලෙදර් බැට් එකක්. ඊට පස්සේ කඩේ එහෙ මෙහෙ යන පොඩි කෙළි පැටික්කියක් සහ ඊට වඩා වයසින් වැඩියි කියලා හිතන්න පුළුවන් කොල්ලෙක්. මේ කොලු පැංචා එහේ මෙහේ ගියේ ලෙදර් බෝලයක් උඩ දම දමා. ඒක පරණ ලෙදර් බෝලයක්, හම ගිය එකක්. සාමාන්‍යයෙන් කොළඹ ක්‍රිකට් ගහන අය නම් ඒවා විසි කරලා දානවා. හැබැයි මෙයාට ඒක ලොකු සම්පතක් වගේ මට හිතුණා.

ටිකක් වෙලා ගිහිල්ලා අපි මිත්‍ර වුණා. අපි පොඩි කතාවකට වැටුණා. ඒ කයිවාරුව අස්සේ හම්බවුණු කතාව මම ඔබට කියන්නේ, මේක තමයි ඒ කතාව ඔබට කියන්න හොඳම වෙලාව කියලා හිතුණු නිසා.

නිකමට ඇහුවා පුතා ක්‍රිකට් ගහනවාද කියලා. ඒ අම්මා කිව්වා ‘ඔව්, එයා තමයි මේ අවුරුද්දේ 13න් පහළ වාර්තාව තිබ්බේ. සමහර විට ලංකාවෙම මෙච්චර කාලෙකට 13න් පහළ ගහපු වැඩිම ලකුණු ගහලා තියෙන්නේ මෙයා…’ කියලා.

ඉන් පස්සේ මම ඔහු ගැන හෙව්වා. ඔව්, වයස අවුරුදු 13න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මොනරාගල සෝමාදේවි විද්‍යාලයත් එක්ක තිබුණු තරගයේදී පන්දු 134කින් ලකුණු 217ක් ගත්තු ශේන් නවෝද් තමයි මේ. ශේන් ඉතා දක්ෂ පිතිකරුවෙක්. හැබැයි මම දැනගත්ත විදිහට ඔහුගේ වාර්තාව තවමත් නිල වශයෙන් ලංකාවේ පිළිඅරගෙන නැහැ. ඒකටත් හේතුවක් අපිට දැනගන්න ලැබුණා. ඒවා අපි වැඩිය කතාකරන්න අවශ්‍ය නැහැ. ශේන් නවෝද් කියලා කියන්නේ කතරගම ජනාධිපති විද්‍යාලයේ ක්‍රීඩකයෙක්. වයස අවුරුදු 13න් පහළ ක්‍රීඩකයෙක් විදිහට ක්‍රීඩා කරන ශේන් ප්‍රහාරාත්මක පිතිකරුවෙක්. ඔහුගේ අර්ධ ශතක සහ ශතක ඉනිම් කීපයක්ම පසුගිය කාලයේ වාර්තා වෙලා තියෙනවා.
මම ශේන් එක්ක කතා කළාම ශේන් කිව්ව දේ තමයි, ශේන් හරි ආසයි මහේල ජයවර්ධනට. ශේන්ට තියෙන ලොකුම බලාපොරොත්තුවත් මහේල ජයවර්ධනව මුණගැහෙන එක. ශේන්ට කැමැත්තක් තියෙනවා ශාන්ත තෝමස් එකට ඇතුළත් වෙන්න. ඒකට හේතුව මම ශේන්ගෙන් ඇහුවාම ශේන් මට ඒකට හේතුවක් කිව්වේ නැහැ. හැබැයි ශේන්ගේ බලාපොරොත්තුව ශාන්ත තෝමස් එකට ඇතුළත් වෙන එක.

මේ ලිපිය කියවන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම්, ශේන්ට මීට වඩා ලොකු අවස්ථාවක් ලබාදෙන්න පුළුවන් නම්, මම හිතනවා ලංකාවේ ක්‍රිකට් නැගිට්ටවන්න තියෙන හොඳම අවස්ථාවක් ඒක වෙයි කියලා.

මේ වගේ දරුවො සිය ගානක් ගම්මාන අස්සෙ ඉන්නවා. උන්ව එළියට ගන්න කෙනෙක් නෑ. උන්ට ඉස්සරහට එන්න සම්බන්ධතා නෑ. ක්‍රිකට්වලට විසි කරන්න සල්ලි නෑ. ඒත් උන් ඇඟේ අමාරුවට ක්‍රිකට් ගහනවා. හිතේ අමාරුවට ක්‍රිකට් අතාරිනවා. ඒ නිසා මේ කතාව අපි ලෝකෙට කිව්වෙ. පුළුවන් අය පුළුවන් විදියට මේ කොලු පැංචට උදව් කරන්න. මේ, කවදාම හරි ලෝකෙම හොල්ලන්න පුළුවන් වීරයෙක්…

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මේ දවස්වල එළියට බහින්න එපා! ලංකාවටත් විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් වෙයි!  I Sri Lanka Latest News

Next Post

තරහමරහා අමතක කරයි! ස්වයං නිර්ණ අයිතිය හා ‌ෆෙඩරල් රාජ්‍යයක් වෙනුවෙන් උතුරු නැගෙනහිර සියලු දෙමළ පක්ෂ එකතු වෙයි! කොළඹදී විශේෂ සාකච්ඡාවක්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.