රජයේ නියෝජිතයන් පිරිසක් ගොබෙල්ස්ගේ මාධ්‍ය ප්‍රතිපත්තිය මවා පාමීන් රනිල් ජනාධිපතිවරණයට ඉල්ලනවා නම් සජිත් ඉල්ලන්නේ නැති බවට වන ව්‍යාජ ප්‍රවෘත්තියක් මවා පාන බවත් මෙම ප්‍රකාශ සිදු කරන්නේ තමා ජනාධිපතිවරයාට ඉල්ලන විට ගෝඨාභය එක්ක ගිවිසුම් ගසා තමා පරාජය කිරීමට උත්සාහ කළ අය බවත් මේ අයගේ මනස විකෘති වි ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News
මේ අයට දිය හැකි පිළිතුර වන්නේ විපක්ෂ නායකවරයා ලෙස තමා ජනාධිපතිවරණයට පෙනී සිටින බවත් මොවුන් තමා ජනාධිපතිවරණයට පෙනී නොසිටින බවට ප්‍රවෘත්ති පළ කර සිටීමෙන් තමාගේ ජීවිතය සම්බන්ධයෙන් අවදානයක් ඇති බවට පෙනී යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තවද කිසිදු අවස්ථාවක තමා මරණයට බියවන නිවටයකු නොවන බවත් ඕනෑම දවසක ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවත් තමා කිසිදු අවස්ථාවක රාජපක්ෂලා සමඟ ඩීල් හා ගිවිසුම් දමා නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.










