තමන් නියරේ යාමට නොදන්නා කෘෂිකර්ම ඇමැතිවරයකු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කොට ඇති බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබදව තමන් ළග හොඳ හොඳ කරුණු තිබුණද තමන් ඒවා මේ මොහොතේ නොකියන බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
අද පාර්ලිමේන්තුවේදී අලුත්ගමගේ මහතා මේ බව සදහන් කර සිටියේය.
එසේවුවත් ජනාධිපතිවරයාව සිටියදී කිසිදු අයකු නොකළ පරිද්දෙන් නිවාස 3ක් එක් කොට තමන්ට සිටීමට මන්දිරයක් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සකස් කර ගත් බවද අමාත්‍යවරයා කීය.









