ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
නුවරඑළිය මහ නගර සභාව මගින් පාලනය කරනු ලබන නුවරඑළිය සතිපොළ භූමිය තුළ පිහිටි පොදු වැසිකිලිය භාවිතයට ගත නොහැකි තරමේ අප්‍රසන්න එකක් වී ඇකි බවත් වැසිකිලියෙන් උතුරා යන ජලය නුවරඑළිය සතිපොළ පුරාවට ගලා බසින බැවින් නොයෙකුත් රෙඩ රෝගවලට ගොදුරු වීමේ අවදානම් තත්ත්වයක් ඇති බවත් ඒ ඔස්සේ වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවටත් විශාල චෝදනාවක් එල්ල වී තිබේ.Sri Lanka Latest News
නුවරඑළිය මහ නගර සභා පාලන ප්‍රදේශයේ මෙන්ම නුවරඑළිය ප්‍රාදේශීය සභා පාලන ප්‍රදේශයේ පාරිභෝගිකයන් සතිපතා නිවසට අවශ්‍ය එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන මෙම සතිපොළ මේ වන විට දක්නට ලැබෙන්නේ ඉතාමත් අප්‍රසන්න තත්ත්වයකිනි.
මේ පිළිබද අදහස් දැක්වූ නුවරඑළිය සතිපොළ ව්‍යාපාරිකයන් සහ පාරිභෝගික ජනතාව කියා සිටියේ දීර්ඝ කාලයක් මුළුල්ලේ නුවරඑළිය සතිපොළ අසූචි විමානයක් සහ කසල ගොඩක් බවට පරිවර්තනය වී ඇති පසුබිමක මාධ්‍ය අරහා කිහිප වතාවක්ම මේ පිළිබඳ අනාවරණය කිරීමෙන් පසු සතියේදී දේශපාලකයන් පැමිණ ඔවුන්ගේ හිතවත් මාධ්‍යවේදීන් සමග මාධ්‍යය සංදර්ශනයක් දමන බවත්, සතිපොළ භූමිය සංවර්ධනය කරනවා බව නොයෙකුත් සුරංගනා කතා පැවසීමට කටයුතු කළ ද තවමත් සතිපොළ භූමිය අසූචි විමානයක්ව පවතින බවත්ය.
තවද සතිපොළ භූමියට පැමිණෙන පාරිභෝගිකයන් නහය වසාගෙන එන තත්ත්වයක් උදාවී ඇති අතර එහි වෙළඳාම් සිදුකරන අයවලුන්ට නොයෙකුත් රෝග තත්ත්වයන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ සතිපොළ භූමියේ පිහිටි පොදු වැසිකිලියෙන් උතුරා යන ජලය මුළු සතිපොළ පුරාවටම බලා බැසීම නිසා බව ඔවුහු පෙන්වා දෙති ,
නුවරඑළිය සතිපොළ තත්ත්වය පිළිබඳව මුළුමනින්ම වගකිවයුතු නුවර එළිය මහ නගර සභාව සතිපොළ නවීකරණයට අවශ්‍ය කටයුතු සිදු කළ කඩිනමින් සිදුකිරීමට කටයුතු කළ යුතු බව ඔවුන් ඉල්ලා සිටි ,
වෙළදුන් හා පාරිභෝගිකයන් විසින් සිදු කරනු චෝදනා පිළිබඳ නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ වග කිව යුතු බලධාරීන්ගෙන් අප සිදු කළ විමසීමකට ඔවුන් කියා සිටිය සෞඛ්යංශය මගින් මහා සභාව අමතා මීට පෙර හත් වතාවක් සතිපොළ සංවර්ධනය පිළිබඳ ඉල්ලීම් සිදුකළද මහ සභාවේදී ඒ පිළිබඳව කිසිදු උවමනාවක් නොදක්වන බවයි .
මෙම ගැටලුව පිළිබඳ නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතාගෙන් අපට විමසීමක් සිදුකිරීමට අවශ්‍ය නමුත් ඔහු මීට පෙර මාධ්‍ය මගින් සිදුකළ විමසීම් වලදී කියා සිටියේ සිය පක්ෂය මගින් මාධ්‍යයට ප්‍රකාශයන් ලබා දීම තහනම් කර ඇති බවය ,
තවද මාධ්‍යට ප්‍රකාශ ලබා දීමට සිය පක්ෂයෙන් අවසර ලැබුණු පසු නැවත දෙනුම් දෙන බවද ඔහු මීට පෙර පවසා ඇත .



















