තලංගම පොලීසිය විසින් අද (25) අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මීට සුළු වේලාවකට පෙර පොලීසියෙන් පිටතට රැගෙන එනු ලැබීය.Sri Lanka Latest News
ඒ අනුව ඔහුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරකරණය වෙත රැගෙන යාමට නියමිතය.
බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල පසුගියදා පැවති රණවිරු සැමරුම් පෙරහුරු උත්සවයට බාධා කළ බවට එල්ලවන චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා විමල් වීරවංශ මහතා අද උදෑසන තලංගම පොලීසියට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්විය.










