GNEXT ආයතනය මගින් පසුගියදා ලංකාවේ ජංගම දුරකතන භාවිත කරන්නන්ට නව අත්දැකීමක් එක් කර දෙමින් iPhone 15 හදුන්වා දීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
එම අවස්ථාවට මෙරට කලාකරුවන්, ක්‍රීඩකයන්, මාධ්‍යවේදීන් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.
ලංකාවේ ඇපල් නිෂ්පාදන ගෙන්වා බෙදාහැරීමේ නිල ලත් එකම ආයතනය වන්නේ Generation Next Communications Lanka ආයතනයය.
ජෙනෙක්ස්ට් ප්‍රධාන කාර්යාලය සිංගප්පූරුවේ පිහිටා ඇති අතර එය බංග්ලාදේශය, භූතානය, බෲනායි, මාලදිවයින, මොංගෝලියාව, මියන්මාරය සහ නේපාලයේ ඇපල් සඳහා බලයලත් බෙදාහරින්නා ද වේ.
නවතම නිපැයුම් වන අව්‍යාජ මුල් දුරකථන නිෂ්පාදන සහ උපාංග පුළුල් පරාසයක බෙදා හැරීම තුළින් ආසියාවේ ජංගම දුරකථන වෙළෙඳාමේ ප්‍රමුඛයන් වශයෙන් එය කීර්ති නාමය හා විශ්වාසය දිනාගෙන ඇත.
ජෙනෙක්ස්ට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන්නේ රජීව් ගුණරත්න මහතාය.






























