මේ වන විට ජනාධිපති සිහිනයේ බොහෝ දෙනෙකු සිටියත් රටේ ඇති ඩොලර් හිඟයට රුපියල් හිඟයට උත්තර දෙන්න පුළුවන් 76 වසරක දේශපාලන ඉතිහාසය තුළ බලයක් නොමැතිව වැඩක් කළ එකම කණ්ඩායම සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
ජනාධිපතිවරු පත් වුණාට ඒ අය එන්නේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට පමණක් වුවත් තමා ජනාධිපති වූ පසු ජනතාවගේ ගැටලු සොයා බැලීමට සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකම ජනාධිපති ලේකම් ඒකකයක් ඇති කර ඕනෑම පුද්ගලයකුගේ ගැටලුවක් ජනාධිපතිවරයාට සෘජුවම ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දෙන බවත් ඒ තුළින් කඩිනම් විසඳුම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මාතලේ පැවැති ජනපවුර වැඩසටහන හා එක්වෙමිනි.
පසුගිය කාලයේ එක එක නායකයන් මහනායක ස්වාමීන් වහන්සේ හමුවෙන්න ගිහින් ඕපදූප කතා කළත් තමා මහනායක ස්වාමීන් වහන්සේලා හමුවෙන්න ගියේ විපක්ෂයේ සිට සිදු කළ සියලු වැඩ සම්බන්ධ සවිස්තර වාර්තාවක් රැගෙන බවත් මේ සක්වල, හුස්ම යනු මැතිවරණ පොරොන්දු නොවන බවත් ඒවා සියල්ල සමගි ජන බලවේගයම නිර්මාණය කළ ඒවා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේ ම මේ රට ගොඩගන්න මේ රටේ රාජ්‍ය ආදායම මදි බවත් ඒ සඳහා සියලුම ධානපති රටවල් සහ ධානපතියන් සමඟ සාකච්ඡා කර අපේ රටට ගත හැකි උපරිම ආයෝජන හා ප්‍රතිලාභ ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
එමෙන් ම සුහුරු රටක් නිර්මාණය කිරීමේ දී සියලු දෙනාම තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගැන්විය යුතු බවත් ලෝකයේ නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන කෘෂිකර්මාන්තය ඉහළට ම ගොස් ඇති බවත් නෙදර්ලන්තය, ඊශ්‍රාලය වැනි රටවල් මෙන් අප රටේ ද නවීන තාක්ෂණයෙන් කෘෂිකර්මාන්තය දියුණු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
තව ද රණසිංහ ප්‍රේමදාස මහතා ඇගලුම් කර්මාන්තශාලා විප්ලවය දියත් කලා සේම ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිෂ්පාදනය හා නවීන උපාංග නිර්මාණය කරන සුහුරු රටක් බිහි කරන බවත් පක්ෂය, ජාතිය, ආගම, කුලය, පන්තිය, තරාතිරම වැදගත් නොවන බවත් සියලු දෙනාම එකට එකතු වී රට ගොඩ ගැනීමට එක්වන ලෙසත් ජාති භේදයකින් තොරව රැකියාවක් නොමැති තරුණ තරුණියන් කුඩා තේ වතු හිමියන් බවට පත් කර ඔවුන්ව ජාතික නිෂ්පාදනයට දායක කර ගන්නා බවත් විපක්ෂ නායකවරයා මෙහි දි පැවසීය.































