2030 වන විට 70%ක් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන්න ඉලක්ක කර ඇති බවත් ඒ සඳහා සූර්ය බලශක්තියට ගෙවන මුදල රු. 37 සිට රු. 27ටත් ඉන් පසුව රු. 24ට සහ දැන් රු. 18ට අඩු කර ඇති බවත් මෙහි දී සිදුවන්නේ සුනිත්‍ය බලශක්තිය පලුදු කිරීමක් බවත් මේ අයට ගෙවන මුදල අඩු කරන විට සූර්ය බලශක්ති ප්‍රවර්ධනය උදෙසා ක්‍රියාත්මක වූ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බරපතල අගතියක් සිදුවී සූර්ය බලශක්තියට යොමුවන ප්‍රමාණය අධෛර්මයත් වීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
එබැවින් කරුණාකර සූර්ය බලශක්තියට ගෙවන මුදල් කපා නොදමා තිබූ තත්ත්වයට ගෙන ඒමටත් පුනර්ජනනීය බලශක්තිය 2030 වන විට 70% කරා යන විට එයට එල්.එන්.ජී. ද දමා ඇති බවත් එල්.එන්.ජී යනු පුනර්ජනනීය බලශක්තිය නොවන බවත් ගල්අගුරු එක්ක සංසදනය කළ විට කාබන් විමෝචනය අඩු වුවත් මේ තුළින් සල්ෆර් විමෝචනය ඇතුළු පරිසරයට අහිතකර දේවල් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එල්.එන්.ජී. කියා පටන් ගන්න ව්‍යාපෘති උදාහරණයක් ලෙස යුගදනවි වැනි ව්‍යාපෘති අදටත් එල්.එන්.ජී නොවී ඉන්ධන හා ඩීසල් බලාගාර වී ඇති බැවින් පුනර්ජනනීය බලශක්තිය පලුදු නොකර සූර්ය බලශක්තියට ගෙවපු නිශ්චිත මුදල ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.










