යුගදනවි විදුලි බලාගාරය ඇමෙරිකානු සමාගමකට පවරාදීමට විරෝධය පළ කරමින් නොවැම්බර් 03 සහ 04 යන දෙදින රටම කළුවරේ තැබීමට විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති තීන්දු කිරීමත් සමග මේ වන විටත් විදුලි පාරිභෝගිකයන් ඒ සඳහා ලහි ලහියේ සූදානම් වන ආකාරයක් දැකගන්නට තිබේ.
මෙහිදී ඇතැමුන් දැන් තියාම එම දෙදින ගතකිරීම සඳහා බොහෝ පිරිස් හෝටල් වෙන්කරවා ගෙන ඇති බවද වාර්තා වේ.
මේ හේතුවෙන් මේ දිනවල විවිධ ප්‍රදේශවල පවතින කුඩා ප්‍රමාණයේ හෝටල් සඳහාද අධික ඉල්ලුමක් මතුව ඇති බවද දැනගන්නට තිබේ.










