හෝමාගම – ගලවිලවත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් එම නිවසේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා හෝමාගම රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. (Sri Lanka Latest News)
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ 54 හැවිරිදි පුද්ගලයෙකු බවයි.
මෙම වෙඩි තැබීම කුමන හේතුවක් මත සිදුකළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.
hirunews










