මේ රට ගොඩනැඟීම උදෙසා ඇත්තේ එකම එක විකල්පයක් බවත් එයින් තොර ගමනක් හෝ අනාගතයක් නැති බවත් සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පඬුවස්නුවර දී පැවසීය.
සමගි ජන බලවේගයේ පඬුවස්නුවර ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ (15) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඊට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.
උනුත් එකයි මුනුත් එකයි යනුවෙන් ප්‍රකාශ නිකුත් කරන ඇතැමුන් තමන් ඉතා පිරිසිදු යැයි කීමට උත්සාහ කරන නමුත්, ඔවුන්ම සුනාමි හොරකමට සම්බන්ධ පුද්ගලයකු ජනාධිපති ධුරයට පත් කළ බවත්,විවිධ අවස්ථාවල ආණ්ඩුවලට එක්වෙමින් ඇමති තනතුරු දැරු බවත් ඔවුන් අමතක කරන බවද පැවසීය.
ඉතිහාසයේ කිසිදු විපක්ෂ සිදු සිදුනොකළ මට්ටමින් රටට අගයක් එකතු කිරීමේ කටයුත්ත විපක්ෂයේ හිඳිමින් පවා සමගි ජන බලවේගය ඉටුකොට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා සක්වල හා හුස්ම හරහා දැවැන්ත මෙහෙවරක් ඉටු කොට ඇති බවත් මිලියන 165ක බස්රථ පවා පාසල්වලට පරිත්‍යාග කොට ඇති බවත් පැවසීය.
එදා සිට තමන් කළ කී සියල්ල සත්‍ය වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා එදා තමන් මේ දේවල් ප්‍රකාශ කරන විට සිනාසුනු උදවියම අද ඒ දේවල් අනුමත කරමින් ප්‍රකාශ නිකුත් කිරීම හාස්‍යයක් යැයිද පැවසීය.
මේ පවත්නා විකෘතියෙන් රට ගොඩනැගීම උදෙසා කළ යුතු එකම දෙය වන්නේ වහාම අලුත් ජනවරමකින් නව ආණ්ඩුවක් පත් කිරීම බව එදා තමන් ප්‍රකාශ කරන විට තමාගේ මොළය පරීක්ෂා කළ යුතු යැයි ඇතැමුන් ප්‍රකාශ කළ බවත් අද ඔවුන්ම මැතිවරණයක් ඉල්ලා හඬා වැලපෙමින් සිටින බවත් ඒ මහතා පැවසීය.
මර්දනයෙන් තර්ජනයෙන් මේ රටේ ජනතාව පාලනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බව පැවසූ විපක්ෂ නායකතුමා ඊට සමගි ජන බලවේගය ඉඩ ඉඩනොදෙන බවද පැවසීය.