ආයෝජන මණ්ඩලයට ලක්ෂ ගණන් වැටුප් ගෙවා අලුත් සාමාජිකයන් බඳවා ගෙන ඇති බවත් කෝප් කමිටුව මේ පිළිබඳව ප්‍රශ්න කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් නඩත්තු වෙන එම නිලධාරීන් ආයෝජනය මණ්ඩලය බලාපොරොත්තුවන ඉල්ලක්ක සපුරා ඇත්දැයි කෝප් කමිටුව සොයා බැලූ බවත් ඒ හේතුකොටගෙන ආණ්ඩුවේ ඉහළ බලධාරීන් ඒ පිළිබඳව නොසතුටට පත්ව ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
මිලියන 3352 මුදලක් ආයෝජන මණ්ඩලයේ වියදම් කළ ආකාරය පිළිබඳව කෝප් කමිටුව ප්‍රශ්න කළ බවත්, කෝප් කමිටුවේ මේ ප්‍රශ්න කිරීම් වලට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අකමැති වූ බව ද විපක්ෂ නායකතුමා පැවසීය.
සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය මේ ප්‍රශ්න කිරීම් කිරීම් හේතු කොටගෙන ඉල්ලා අස්වන බවට තර්ජනය කළ අතර, එයින් නොනැවතී, කෝප් කමිටුව ඇතුළු එහි සාමාජිකයින් ඔවුන්ගෙන් සමාව ගත යුතු බවටද අනතුරු ඇඟවූ බවද පැවසීය.
ජනතා ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන්ට සහ මහජන නියෝජිතයින්ට එවැනි තර්ජනයක් කරන්නට ආයෝජන මණ්ඩලයේ සභාපති සභාපතිවරයා ඇතුළු පිරිසට බලයක් ලැබුණේ කෙසේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකතුමා, විශේෂයෙන්ම කෝප් කමිටුවේ සාමාජිකයන්ට එවැනි තර්ජනයක් කිරීමේ හැකියාව ලැබුණේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
හොරකම වංචාව දූෂණය නැත්නම් ආයෝජකයින් මෙරටට පැමිණෙන බවත්, කොමිස් සහ කප්පම් නිසා ආයෝජකයින් නොපැමිණෙන බවත් ඒ මහතා පැවසීය. ශ්‍රේණිගත කිරීම් රැසකින්ම රට පහළට දමා ඇති බව කී විපක්ෂ නායකතුමා, කෝවිඩ් සමයේ බොහෝ රටවල් සිය රටවලට ආයෝජකයින් ගෙන්වා ගත් නමුත් ලංකාවට එවැන්නක් කළ නොහැකි වූ බවද කීය. අනෙක් රටවලට ආයෝජකයින් එන්නටත් අපේ රටට නොඑන්නටත් හේතුව ආයෝජන මණ්ඩලයේ දුර්වලතාවය හේතු වූ බව කී විපක්ෂ නායකතුමා, මේ දුර්වලතාවය ප්‍රශ්න කරනකොට එහි සභාපති ඇතුලු කණ්ඩායම කුපිත වී ඇති බවත් කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක කරනු ලබන සසුනට අරුණ වැඩසටහන යටතේ, සූරියවැව මහවැලි කඩආර ශ්‍රී වාපිකාරාමාධිපති පූජ්‍යපාද හඟුරන්කෙත විජයසාර නාහිමිපාණන් වහන්සේ විසින් කරනු ලැබූ ඉල්ලීමක් ප්‍රකාරව ලක්ෂ 25ක වියදමක් දරා ශ්‍රී මහා වාපිකාරාම විහාරස්ථානයේ ඉදිකරනු ලැබූ ශ්‍රී මේධංකර දහම් පාසැල් ගොඩනැගිල්ල විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් අද (16) විවෘත කරනු ලැබීය.
හම්බන්තොට ලුණුගම්වෙහෙර ප්‍රධාන සංවිධායක හා තිස්සමහාරාම සම සංවිධායක හිටපු දකුණු පළාත් සභා විපක්‍ෂ නායක එස්. තෙන්නකෝන් නිලමේ මහතා විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මෙම අවස්ථාවට තිස්සමහාරාම ප්‍රධාන සංවිධායක ලාල් චන්ද්‍ර, සුරියවැව ප්‍රාදේශීය සභා විපක්ෂනායක සුභක ප්‍රදීප්, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභා විපක්‍ෂ නායක සමන් පුෂ්පකුමාර හා ප්‍රාදේශීය සභා අපේක්ෂක රංග රන්හොටි ඇතුලු පිරිසක් සහභාගී විය.










