ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) සභාපති රවී නිශ්ශංක සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව වාර්තා වෙනවා.Sri Lanka Latest News
ඔහු මෙම ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව ලෙස පෞද්ගලික හේතූන් දක්වා ඇති බව සඳහන්.
අද (29) සිට ක්‍රියාත්මක වන පරිදි තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව සිය හිතවතුන් වෙත පණිවිඩයක් යවමින් ඔහු දන්වා ඇති අතර, එහි “මගේ ධුර කාලය තුළ ඔබ ලබා දුන් සහයෝගය සහ දිරිගැන්වීම්වලට ස්තූතියි” යනුවෙන් ද සඳහන් කර තිබෙනවා.
මේ පිළිබඳව විමසීමක් කළ විට කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති කාර්යාලයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, ඔහු අවසන් වරට ඉකුත් බදාදා (මැයි 27) කාර්යාලයට පැමිණි බවත්, ඉන් අනතුරුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවත්ය.










