• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත්ම ප්‍රතිඵල මෙන්න! ජනගහණය වැඩිවෙලා! ගෑනු පිරිමි පරතරයක්! වයසක අය වැඩියි! කොල්ලො කෙල්ලො අඩුයි! Sri Lanka Latest News

November 9, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අලුත්ම ප්‍රතිඵල මෙන්න! ජනගහණය වැඩිවෙලා! ගෑනු පිරිමි පරතරයක්!  වයසක  අය වැඩියි! කොල්ලො කෙල්ලො අඩුයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජන හා නිවාස සංගණන වාර්තා නිකුත් වී තිබේ, එය නිකුත් වන්නේ 2024 වර්ෂයට අදාළව කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල ලෙසය. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙම ප්‍රතිඵලය නිල වශයෙන් නිකුත් කරන ලද අතර එතැන් සිට එය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය සම්බන්ධව නිල ජනගහන වාර්තාව බවට පත්වනු ඇත,Sri Lanka Latest News

මෙසේ ප්‍රතිඵල නිකුත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ පැවති 15 වැනි ජන හා නිවාස සංගණනයට අදාළවය. දකුණු ආසියාවේ ප්‍රථම විද්‍යාත්මක ජන හා නිවාස සංගණනය පවත්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ බව පැවැසේ. විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ ශ්‍රී ලංකාවේ දී සංගණනයක් පවත්වා ඇතැයි සැලකෙන්නේ 1871 වසරේදීය. එතැන් සිට සෑම දශකයක්ම ආවරණය වන පරිදි ජන සංගණන පවත්වා ඇති බව දැනගන්නට ලැබේ. නමුත් 2021 වසරේදී පැවැත්වීමට සැලසුම් කළ සංගණනය පැවැත්වීමට නොහැකි විය. ඒ එවක පැවති තත්ත්වය නිසාය.
2024 ජන හා නිවාස සංගණනයේදී ශ්‍රී ලංකාවේ ජනගහනය 21,781,800ක් ලෙස වාර්තා වී තිබේ. අවසන් වරට පැවැති, එනම් 2012 වසරේ සිදුකළ සංගණනයේදී වාර්තා වූ 20,359,439ක් වූ ජනගහනයට වඩා එය 14,22,361ක වර්ධනයක් බව පෙන්වා දිය හැකිය. ඒ අනුව ආසන්න වශයෙන් වසරක ජනගහන වර්ධනය ලක්ෂයකට ආසන්න අගයකි.
මෙවර නාගරික, ග්‍රාමීය, වතු නාගරික සහ වතු ග්‍රාමීය ලෙස අංශ හතරකට බෙදා දත්ත රැස්කර ඇත. ඒ අනුව, පෙර සමීක්ෂණය සමග සසඳන විට 2024 සංගණනයේදී ග්‍රාමීය අංශයේ 1,343,596ක ජනගහන වර්ධනයක් ද නාගරික අංශයේ 114,733ක ජනගහන වර්ධනයක්ද පෙන්නුම් කරන අතර වතු අංශයේ පමණක් 35,968ක අඩුවීමක් නිරීක්ෂණය වී තිබේ.

මෙවර සමීක්ෂණයේ දී වඩාත් කතාබහට ලක්වෙන කාරණාව වී ඇති ස්ත්‍රී-පුරුෂ ජනගහන අනුපාතයයි. මෙවර සංගණනයේදී වාර්තා වන ස්ත්‍රීන් සංඛ්‍යාව, පුරුෂ සංඛ්‍යාවට වඩා 757,112කින් වැඩි බවට හඳුනා ගෙන තිබේ. ප්‍රතිශතයක් ලෙස දැක්වීමේදී ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 51.7%ක් ස්ත්‍රීන් වන අතර 48.3ක් පුරුෂයන් වේ.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වැඩි ප්‍රතිශතය ස්ත්‍රීන් බව සංගණනයකදී ප්‍රථමයෙන් වාර්තා වූයේ 2001 දීය. එහිදී සංගණනය සම්පූර්ණයෙන් සිදුකරන ලද්දේ දිස්ත්‍රික්ක 18 පමණි. එවක පැවති යුද ගැටලුවත් සමග උතුරේ සහ නැගෙනහිර ඇතැම් ප්‍රදේශවල නිවැරදි සංගණනයක්, ප්‍රමිතිගතව සිදුකළ නොහැකි විය. එම අවස්ථාවේ ජනගහනයෙන් 50.2%ක් ස්ත්‍රීන් ලෙස වාර්තාවී ඇත.

එසේ වුවද, 1981 දී සහ ඊට පෙර ජන සංගණනවලදී ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වැඩි දෙනා පුරුෂයන්ය. ඒ 1981 සංගණනයේදී වාර්තා වී ඇති පුරුෂයන් ගණන එවකට රටේ මුළු ජනගහනයෙන් 51.0% වූ බව ඇතැම් වාර්තාවල සඳහන්ව තිබේ.

මොනරාගල දිස්ත්‍රික්කයයේ තත්ත්වය යම් තරමකට වෙනස්ය. එහි කාන්තාවන් 100කට පිරිමි 97 ක් හිඳී. මොනරාගල පැත්තේ නම් අඩුපාඩු දෙන්නෙ තුන් දෙනෙක් පමණි. දෙවැනුවට වැඩි අගය මන්නාරම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව පවසයි.

නැගෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කයේදී නම් පිරිමියෙක්ගේ වටිනාකම ඉහළටම ගොස් තිබේ. එහි කාන්තාවෝ 100කට පිරිමි 88කි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2012 සංගණනය හා සැසඳීමේදී මෙවර මාතලේ, ගාල්ල, මාතර, යාපනය, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල පිරිමි ප්‍රමාණය 2012 සංගණන වාර්තාවලට සාපේක්ෂව වැඩි වීමක් පෙන්නුම් කරන අතර, මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල එම අනුපාතයේ වෙනසක් වී නැත. ගම්පහ, කොළඹ, කළුතර ඇතුළු අනෙකුත් සියලු දිස්ත්‍රික්කවල මේ අගයන්හි අඩු වීමක් වාර්තා වී තිබේ.

වයස අවුරුදු 0 සිට 19 අතර ඇති වයස් කාණ්ඩවල කාන්තාවන්ට වඩා පිරිමි ප්‍රමාණය ඉහළය. එය ඇතැම් විට කාන්තාවන් 100කට පිරිමි 100කට වැඩි තත්ත්වයකි.
එසේ වුවද අවුරුදු 40ට වැඩි සියලු වයස් කාණ්ඩවල පිරිමි ප්‍රමාණය අඩුවෙමින් තිබේ. විශේෂයෙන් වයස අවුරුදු 70 හා ඊට වැඩි වයස් කාණ්ඩයේ මෙම ප්‍රතිශතය 69.8%කි. ඒ ආසන්න වශයෙන් ගණනය කළ විට කාන්තාවන් 100කට පිරිමි 70කි. ඒ අනුව වයස 40 ඉක්මවා යන විටම පිරිමි ඉන්නේ යම් ජීවිත අවදානමකය.

2012 සහ 2024 සංගණන වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15ට අඩු ජනගහනය අඩුවී තිබේ. 2012 දී සමස්ත ජනගහනයෙන් 25.2%ක් වූ අවුරුදු 15ට අඩු ප්‍රතිශතය දැන් සටහන්ව ඇත්තේ 20.7%ක් ලෙසය. එය ඒකක 4.5කින් අඩුවී ඇති බව නිරීක්ෂණය වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවැසීය. ඒ අනුව ඉදිරියේදී බලාපොරොත්තු වෙන තරම් සීග්‍ර ජනගහන වර්ධනයක් වාර්තා නොවෙනු ඇත.

වයස 65 හා ඊට වැඩි ජනගහනය 7.9% සිට 12.6% දක්වා ප්‍රතිශත එකක 4.7කින් වැඩිවී තිබේ. ඒ අනුව යැපෙන්නන් ඉහළ යාමත් වැඩකරන ජනතාවගේ බරපතළ අඩුවීමත් වාර්තා විය හැක. එය ඒ තරම්ම හොඳ තත්ත්වයක් නොවේ.

ලංකාවේ ජන වර්ගවලට අනුව සිදුකරන වර්ගීකරණයද මෙහිදී වැදගත්‍ය. ඇතැම් ජාතීන් සිංහල ජාතිය ඉක්මවා යන බවත් එය බරපතළ ප්‍රශ්නයක් බවත් කියමින් දේශපාලන කල්ලි නැටූ නාඩගම් මට මෙහිදී සිහිපත් වේ. අප ඒ ගැන කිසිවක් නොපවසාම මෙම සමීක්ෂණය තවදුරටත් හඳුනා ගනිමු.

දිවයිනේ මුළු ජනගහනයෙන් 74.1%ක ප්‍රමාණයක් සිංහල වේ. 12.3%ක් ශ්‍රී ලංකා දෙමළද, 10.5%ක් ශ්‍රී ලංකා යෝනක / මුස්ලිම් ද, 2.8%ක් ඉන්දියානු දෙමළ / මලෙයියහ දෙමළ වන අතර, තවත් 0.3%ක ජනගහන ප්‍රතිශතයක් බර්ගර්, මැලේ, ශ්‍රී ලංකා චෙට්ටි, භාරත සහ වැදි ඇතුළු වෙනත් වර්ගවලට අයත් වූවෝ වෙති.
මෙහිදී සිංහල ජනගහනයෙන් ඉතා සුළු අඩු වීමක් ප්‍රතිශත අගයන් අනුව දැකගත හැකි බව ඇත්තය. මුස්ලිම් ජනගහනයේ සුළු වැඩි වීමක්ද තිබේ. නමුත් එය නටන්නට තරම් දෙයක් නොවේ. මෙම සංගණනයට අනුව ආගම් අනුව වූ ප්‍රතිශත අගයන් මෙහෙමය.

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 69.8%ක් බෞද්ධයන් වන අතර 12.6%ක් හින්දු, 10.7ක් ඉස්ලාම්, 5.6%ක් රෝමානු කතෝලික සහ 1.3%ක් ක්‍රිස්තියානි බව දැක්වේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

වැඩේ අල වෙන්න වගේ යන්නේ! මුලු ලංකාවෙම ඉන්න අල ගොවියො හෙට පාරට බහින්නයි යන්නේ! මෙහේ අල ගලවද්දි ආණ්ඩුව අල රටින් ගෙනාවාට එරෙහිව රට පුරා උද්ඝෝෂණ! VIDEO I Sri Lanka Latest News

Next Post

හොරණ සජබ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කරන්න සජිත් එයි! ජනාධිපතිතුමා හිනාවෙවී.. කැරකි කැරකි.. හීන් සැරේ… මහ හයියෙන්… ඉදිරිපත් කරපු අයවැයට අලුත් නමක් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.