විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිර්මාණය කරන සර්ව පාක්ෂික රජයේ ආර්ථික වැඩපිළිවෙළ මේ වනවිටත් පක්ෂ නායකයන්ට ඉදිරිපත් කොට ඇති බවත්, ඊට සියලු පක්ෂ මේ වනවිට එකගතාව ලබා දී ඇති බවත් හර්ෂ ද සිල්වා මහතා කීය.
මෙම සර්ව පාක්ෂික රජය මාස 6කට හෝ ඊට මදක් වැඩි කාලයක් තිබිය හැකි බවද ඒ මහතා කීය.










