ආර්ථිකයේ කොඳු නාරටිය වන් කුඩා ව්‍යාපාර ගොඩනැගීමට උතුරාගිය බදු මුදල් වලින් වහාම අරමුදලක් ගොඩනගන්න යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News
ගංවතුර ආපදාව නිසා විනාශයට පත් ක්ෂුද්‍ර සහ සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායන් ගොඩනැගීම සඳහා අනිවාර්යෙන්‍ම අරමුදලක් සකස් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය රජයට තිබෙනවා. මේ වගේ කුඩා ව්‍යාපාරවලට බොහෝ වෙලාවට රක්ෂණයක් නෑ. ඔවුන් බොහෝ වෙලාවට ණය බරින් මිරිකිලා. මේ නිසා, මෙම ව්‍යාපාර ඔවුන්ට තනිව නගා සිටුවීම පහසු කාර්යක් නෙවෙයි. මේ කුඩා ව්‍යාපාර තමයි රටක ආර්ථිකයේ කොඳු නාරටිය බවට පත් වෙන්නේ.










