සමගී ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු හෙට (28) පෙරවරු 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දීමක් කොට ඇත.
2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව ඉකුත් අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලැබ ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සමක් ගොනු කර ඇත.










