• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

1988 ආවා වගේ 2022 එන්න හදන්නේ විජේවීරලාගේ ප්‍රේමදාසලාගේ යුගයද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

November 19, 2022
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
1988 ආවා වගේ 2022 එන්න හදන්නේ විජේවීරලාගේ ප්‍රේමදාසලාගේ යුගයද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

1977 මහ ඡන්දය ජයගත්තාට පසු ජ.වි.පෙ. නායක රෝහණ විජේවීර ඇතුළු ජ.වි.පෙ. නායකයන් සහ සාමාජිකයන් හිරෙන් නිදහස් කරන යෝජනාව ජේ.ආර්.ට ගෙනාවේ රණසිංහ ප්‍රේමදාසය. 1971 ජ.වි.පෙ. කැරැල්ල මර්දනය කරන්න එවක අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය ගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව 1977 මහ මැතිවරණයේදී ප්‍රේමදාස විශාල හඬක් නැඟූ අතර හමුදාව විසින් ඝාතනය කළ කතරගම රූප සුන්දරී ප්‍රේමවතී මනම්පේරිගේ කතාව ප්‍රේමදාස යූ.ඇන්.පී. වේදිකාවේ පණ පිහිටුවා කීවේය. ප්‍රේමදාසගේ මේ කතාව අහලා මිනිස්සු ගෙදර ගියේ දෑස් කඳුළින් පුරවාගෙනය. රෝහණ විජේවීර ඇතුළු ජ.වි.පෙ. නායකයන් සහ සාමාජිකයන් හිරෙන් නිදහස් කරන්න ජේ.ආර්. සහ ප්‍රේමදාස එකඟතාවකට ආවේ දේශපාලන වාසි බලාගෙන වුවද එය විප්ලවීය තීරණයකි. ජේ.ආර්. සහ ජ.වි.පෙ. නායකයන් අතර සාකච්ඡා සඳහා අතරමැදියා ලෙස ක්‍රියා කළේද ප්‍රේමදාසය. විජේවීර නිදහස් වූවාට පසු ජේ.ආර්. හමුවීම සම්බන්ධීකරණය කළේද ප්‍රේමදාසය. හිරෙන් නිදහස් වූ විජේවීරට රැස්වීම් තියන්න ටවුන්හෝල් සහ සුගතදාස පිටිය ලබාදුන්නේත් ප්‍රේමදාසය.

1983 ජේ.ආර්. ජ.වි.පෙ. තහනම් කොට ජ.වි.පෙ. යටිබිම්ගත දේශපාලනයකට තල්ලු කළාට පසු ජ.වි.පෙ. ජේ.ආර්.ගේ ආණ්ඩුවට එරෙහිව ආයුධ අතට ගත්තේය. එලෙස ආයුධ අතට ගෙන ජ.වි.පෙ. කැරැල්ලක් දියත් කළේ 1987 ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිවය. ඒ වෙලාවේ ජේ.ආර්.ගේ ආණ්ඩුව ජ.වි.පෙ. මර්දනය කරන්න තීරණය කළේය. ඒත් එවක අගමැති ප්‍රේමදාස එයට සහාය පළ කළේ නැත. ඒ බව ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ සඳහන් වන්නේ මෙසේය.

‘නොබෝ දිනකින් යථෝක්ත ඝාතන, පක්ෂයේ එකමුතුභාවයට තදබල ලෙස බලපෑවේය. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු දෙදෙනෙක් ප්‍රසිද්ධියේම ජේ.ආර්.ගේ ජ.වි.පෙ. විරෝධී ව්‍යාපාරයෙන් තමන් ඈත්වන බව ප්‍රකාශ කර සිටියහ. ඒ දෙදෙනා නම් අගමැති ප්‍රේමදාස සහ මුදල් ඇමැති රොනී ඩි මෙල්ය. දෙසැම්බර් මස මුලදී ජේ.ආර්. වෙත ලැබුණු පුවතක් වූයේ ප්‍රේමදාස තමා 1988 අග වන විට දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව මන්ත්‍රීවරුන්ට පවසන බවය.’

-ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානය
121 පිටුව

චරිතාපදානයේ තවත් තැනක මෙසේ සඳහන් වේ.

‘දෙසැම්බර් 30 සහ 31 දිනවල අගමැති ප්‍රේමදාස දළදා මාලිගාවේ දළදා වහන්සේ තැන්පත් කර ඇති කුටියට ඉහළින් තනන ලද රන් වියන විවෘත කිරීම සඳහා විශාල ලෙස ප්‍රචාරයට පත්කෙරුණු උත්සවයකට සහභාගි වෙමින් මහනුවර සිටියේය. අවස්ථාව භාවිතයට ගනිමින් ප්‍රේමදාසත් රොනී ඩි මෙලුත් දේශන පැවැත්වූහ. මේ කතා දෙකම ජේ.ආර්.ගේ දැඩි ජ.වි.පෙ. විරෝධී පිළිවෙතින් තමන් දුරස් වන බව කියන දේශපාලන ප්‍රකාශන විණි. දෙදෙනාම තර්ක කළේ ජ.වි.පෙ.ට රජය වෙත මේසා දැඩි තර්ජනයක් එල්ල කරන්නට හැකියාව සැලැස්වූ සමාජ තත්ත්වයට පිළියම් යෙදීම ප්‍රමුඛතාව ගත යුතු බවය. ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දීමට වඩා එය මැනවැයි ඔවුහු කියා සිටියහ.’

-ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානය
125-126 පිටු

ජේ.ආර්. චරිතාපදානයේ තවත් තැනක මෙසේද සඳහන් වේ.

‘සැප්තැම්බර් මසදී ප්‍රේමදාසගේ චීන සංචාරය අවස්ථාවේ ඔහු හොංකොං නුවර පැවැති අන්තර්ජාතික පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබුණේ ජ.වි.පෙ. ප්‍රචණ්ඩත්වයත් ඔවුන්ට එරෙහිව තිබුණු මිනීමැරීම් චෝදනා ගැනත් තමන් ඔවුන් වරදකරුවන් ලෙස පිළිගත්තේ එය උසාවියකදී සාධාරණ නඩු විභාගයකින් ඔප්පු වුවහොත් පමණකැයි යනුවෙනි. ලංකාවට ආ පසු ඔහු එම සාකච්ඡාවේ පිටපත් මුද්‍රණය කොට බෙදාහැරියේය. ඒ අනුව ඔහු ජ.වි.පෙ.ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ එකඟතාවක් නැතැයි ආරක්ෂක හමුදාවන් සිතීම සාධාරණ විය.’

-ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානය
199 පිටුව

ප්‍රේමදාස 1988 ජනාධිපති අපේක්ෂක වීමෙන් පසුත් ජ.වි.පෙ.ට එරෙහිව වචනයක්වත් කීවේ නැත. ජ.වි.පෙ. ඔහුගේ රැස්වීම්වලට එන ජනතාව තුවක්කුව පෙන්වා බයකොට ඔහුගේ රැස්වීම් භූමියේ නිල නොවන ඇඳිරිනීතිය දමා කඩසාප්පු වැහුවත් ප්‍රේමදාස සිය කතාවේ ජ.වි.පෙ.ට එරෙහිව කටක් ඇරියේ නැත. ජ.වි.පෙ. ඇඳිරි නීතිය නිසා ප්‍රේමදාසගේ රැස්වීම් බලන්න ආවේ 10ක් හෝ 12ක් පමණි. ප්‍රේමදාස කීවේ ජාත්‍යන්තර සමුළුවලට රටවලින් එන්නේත් නියෝජිතයෝ නිසා තමන්ගේ රැස්වීම්වලට එන 10 හෝ 12 හොඳටම ප්‍රමාණවත් බවය. ඔවුන් තමන්ගේ රැස්වීම්වලට එන්නේ ජාත්‍යන්තර සමුළුවල රට නියෝජනය කරන නියෝජිතයන් මෙන් ජනතාවගේ නියෝජිතයන් ලෙස යැයි කියා ඔහු සැනසුණේය.

ප්‍රේමදාස කෙසේ හෝ 1988 ජනාධිපතිවරණය දින්නේය. දිනපු විගස ඔහු හදිසි නීතිය ඉවත් කොට අත්අඩංගුවේ සිටි ජ.වි.පෙ. කැරැලිකරුවන් 1,800ක් නිදහස් කළේය. මර්දනය නතරකොට ජ.වි.පෙ.ට පනවා තිබූ තහනමද ඉවත් කළේය. ඉන් පසු ඔහු ජ.වි.පෙ.ට සාකච්ඡාවලට ආරාධනා කළේය. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකම් දී ඇමැති ධුර දීමටත්, අවශ්‍ය නම් ජ.වි.පෙ.ට තරග කළ හැකි ලෙස යළි පාර්ලිමේන්තුව විසුරුවන්නත් ඔහු පොරොන්දු විය. ඒත් ජ.වි.පෙ. කැරැල්ල නතර කළේ නැත. ජ.වි.පෙ. සාකච්ඡා මේසයට ගෙන එන්න ප්‍රේමදාස සර්වපාක්ෂික ජාතික සමුළුවක් කැඳවූවේය. ඔහු විපක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිනියගේ සහ සියලුම පක්ෂ නායකයන්ගේ අස්සනින් ජ.වි.පෙ.ට සාකච්ඡා මේසයට එන ලෙස ආරාධනා කළේය. ජ.වි.පෙ. ඊට ප්‍රතිචාර ලෙස කැරැල්ල තව දරුණු කළේය. ප්‍රේමදාස දෙවැනි වරටත් පක්ෂ නායක අස්සනින් ජ.වි.පෙ.ට සාකච්ඡා මේසයට එන ලෙස ඉල්ලීමක් කරන්න යද්දී බණ්ඩාරනායක මැතිනිය සහ වාමාංශික පක්ෂ එයට එරෙහි විය. තමා 71 කැරැල්ල මර්දනය කළා සේ මර්දනය කරන්න ප්‍රේමදාසට කොන්දක් නැතැයි ඇය පාර්ලිමේන්තුවේ කීවාය. වාසු කීවේ විල්ලෙන් හරි පොල්ලෙන් හරි ගහල ජ.වි.පෙ. මර්දනය කළ යුතු බවය. ප්‍රේමදාස ජ.වි.පෙ. මර්දනය කරන්න තීරණය කළේ ඉන් පසුවය. ප්‍රේමදාස ජ.වි.පෙ. මර්දනය කොට තරුණ අසහන කොමිසමක් පත්කොට එහි නිර්දේශවලට අනුව ජ.වි.පෙ.ට පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගත හැකි වෙන්න මැතිවරණයකදී පක්ෂවලට හිමි වන මන්ත්‍රී ගණන තේරීමේ කඩඉම් ලකුණ වන 12%, 5% දක්වා අඩු කළේය. 1994 මහ මැතිවරණයේදී පළමු වරට ජ.වි.පෙ. මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු ආවේ ප්‍රේමදාස කඩඉම් ලකුණු 12% සිට 5%ට අඩු කළ නිසාය. 2020දී රනිල්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න මන්ත්‍රී ධුරය හිමි වූයේත් ප්‍රේමදාසගේ මේ කඩඉම් ලකුණු අඩුකිරීමේ ප්‍රතිපත්තිය නිසාය.

ඒ කඩඉම් ලකුණ නිසා ජ.වි.පෙ.ට යළි පණ ආවේය. 2000 මහ ඡන්දයේ ජ.වි.පෙ. මන්ත්‍රී සංඛ්‍යාව 10ක් විය. 2001 ජ.වි.පෙ. ආණ්ඩු හදන, ආණ්ඩු පෙරළන රිමෝට් එක අතට ගත්තේ ප්‍රේමදාසට පින් සිද්ධ වෙන්නටය. 2004 මහ ඡන්දයේදී ජ.වි.පෙ. මන්ත්‍රී සංඛ්‍යාව 39 දක්වා වැඩි විය. පසුව ජ.වි.පෙ. දෙකට තුනට කැඩී දුර්වල විය. 2020 මහ මැතිවරණයේදී ජ.වි.පෙ.ට හිමි වූයේ මන්ත්‍රී ආසන තුනකි. ප්‍රේමදාසගේ කඩඉම් ලකුණ නොතිබෙන්න ඒ මන්ත්‍රී ආසන තුන ලැබෙන්නේ නැත.

ඒත් 2020 මහ මැතිවරණයේ ජ.වි.පෙ.ට මන්ත්‍රී ආසන තුනක් හිමිවෙද්දී රණසිංහ ප්‍රේමදාසගේ පුතා අලුත් පක්ෂයක් හදාගෙන රටේ ප්‍රධානතම විපක්ෂය ඒ පක්ෂයට ලබාගෙන විපක්ෂ නායක ධුරයද හිමි කරගත්තේය. ප්‍රේමදාසගේ ඒ නැග්මත් සමග 2020 මහ ඡන්දයේ මන්ත්‍රී ආසන තුනට වැටුණු ජ.වි.පෙ.ද ගෝඨාගේ ආණ්ඩුවට එරෙහිව ප්‍රබල විපක්ෂයක් ලෙස නැඟිටින්න පටන් ගත්තේය. ජ.වි.පෙ.න් කැඩීගිය කුමාර් ගුණරත්නම්ගේ පෙරටුගාමී පක්ෂයද නැඟිටින්නේ මේ කාලයේය. ගෝඨාගේ ජනාධිපති කාර්යාලය වටලන පළමු ජන රැල්ල කොළඹට ගේන්නේ සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයය. ගෝඨාගේ මිරිහාන නිවෙස වටලන කාන්තා බළකාය ගේන්නේ හිරුණිකාය. පෙරටුගාමීන් සහ සමාජ මාධ්‍ය හරහා කරළියට එන තරුණ තරුණියන් මිරිහානේ ගෝඨාගේ ගේ වටලන්න කොළඹ එන්නේ ජ.වි.පෙ. නායක අනුර කුමාර, යූ.ඇන්.පී. නායක රනිල්, විමල් වීරවංශලා නායකත්වයක් නැතිව උද්ඝෝෂණවලට එන්න එපා කියලා අනතුරු අඟවද්දීය. ඒත් ගෝඨාගේ ගේ වටලන ජන රැල්ලට හයිය දෙන්නේත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණි ගෝල්ෆේස් අරගල භූමියට රාජපක්ෂ ආණ්ඩුව පහරදෙද්දී එතැනට බය නැතුව යන්නේත් සජිත්ය. එතැනදී සජිත්ට අරගලයට රිංගාගත් ජ.වි.පෙ. සාමාජිකයන් විසින් පහර එල්ල කළත් සජිත් අරගලයට එරෙහිව වචනයක්වත් කියන්නේ නැත. ඒක හරියට ඔහුගේ පියාගේ රැස්වීම්වලට ජ.වි.පෙ. ඇඳිරිනීතිය පැනෙව්වත් ඔහුගේ පියා ජ.වි.පෙ.ට එරෙහිව වචනයක්වත් නොකිව්වාට සමානය. ගෝඨා සජිත්ට අගමැති ධුරය භාරගන්න එන්න කියද්දී සජිත් එය ප්‍රතික්ෂේප කරන්නේ අරගලය පාවාදෙන්න බැහැ යැයි කියමින්ය.

‘සජිත් ඇයි අරගලයට මෙච්චර කඩේ යන්නේ…?’

සජිත් අරගලයට කඩේ යන්නේ ඔහුගේ පියා රණසිංහ ප්‍රේමදාස 1988 රෝහණ විජේවීරගේ ජ.වි.පෙ.ට කඩේ ගියාට සමානවය. 1988 ප්‍රේමදාසට කොළඹ කුරුඳුවත්තේ යූ.ඇන්.පී.යෙන් ජනාධිපති අපේක්ෂකත්වය ලැබෙන්නේ රෝහණ විජේවීරගේ ජ.වි.පෙ. විසින් රට තුළ ඇති කළ සමාජ විප්ලවය ආකර්ෂණය කළ හැකි එකම මිනිහා ප්‍රේමදාස බව ජේ.ආර්. තේරුම්ගන්නා නිසාය. ප්‍රේමදාස මැරිලා වසර 30ක් ගතවෙන විට එහෙව් ප්‍රේමදාසගේ පුතා හොලවන්න තියා හිතන්නවත් බැහැ කිව්ව රාජපක්ෂලා පෙරළගෙන නැගිටින්නේ පෙරටුගාමීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දියත් කළ අරගලය නිසාය.

1989 රෝහණ විජේවීර මියයන විට ඒ වන විටත් ජ.වි.පෙ. ප්‍රබල සාමාජිකයකුව සිටි කුමාර් ගුණරත්නම් 88-89 විජේවීර තුවක්කුවෙන් කළ අරගලය ගුණරත්නම් මුහුණු පොතෙන් කරයි කියලා විජේවීර හීනෙන්වත් නොහිතන්න ඇත. ඒ වගේම ප්‍රේමදාස 1993 මහපොළොව විකාගෙන මියයන විට මගේ පුතා කෙදිනක හෝ රටේ නායකත්වය ඉල්ලන්න එයි කියලා නොහිතන්න ඇත.
රෝහණ විජේවීරගේ ජ.වි.පෙ. සහ ප්‍රේමදාසලා කියන්නේ දේශපාලනයේ ගහට පොත්ත වගේය. දෙගොල්ලෝම නැඟිටින්නේ එකටය. එකම කාලයකය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ආණ්ඩුවට 116යි! විපක්ෂයට 108යි! 5ක් වෙනස් වුණොත් අයවැය පරාදයි!

Next Post

ආතල් එකට රේස් ගිය ‌අවුරුදු 18ක කොල්ලො දෙන්නෙක් මුහුණට මුහුණ හැප්පී එතනමයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.