• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයියෝ සිරිපාල! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

July 10, 2022
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
අයියෝ සිරිපාල! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩු කාලයේ ඉතාලියේ අලිතාලියා ගුවන් යානය පැහැරගත් සේපාල ඒකනායක වෙනුවෙන් කතා කළ නීතිඥයා රටේ නමක් හදාගත්තේය. ඔහු වෙන කවුරුවත් නොව නිමල් සිරිපාල ද සිල්වාය. ඊට පෙර ඔහු ජේ.ආර්. එවක විපක්ෂයේ සිටි බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න පත් කළ ජනාධිපති කොමිසමේ මැතිනිය වෙනුවෙන් පෙනී සිටි ආධුනික නීතිඥයකු විය. නිමල් සිරිපාල, සේපාල ඒකනායක වෙනුවෙන් කතා කළේද ඒකනායක ඒ වෙනකොටත් විපක්ෂයේ තරුවක්ව සිටි නිසාය. ඒ කාලයේ නීතිඥවරු බොහොමයක් වමට බර අය විය. නිමල් සිරිපාල සිටියේද ඒ කඳවුරේය. ඔහු ජනාධිපති කොමිසම හරහා මැතිනියට සමීප වී දේශපාලනයට එක් විය. මැතිනිය නිමල් සිරිපාලට කොළඹ බොරැල්ල සංවිධායක ධුරය භාරදුන්නාය. 1989 මහ මැතිවරණයේදී නිමල් සිරිපාල කොළඹ දිස්ත්‍රික්ක ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්විය. 1989 ප්‍රේමදාස ආණ්ඩු කාලයේ නිමල් සිරිපාල දූෂණයට භීෂණයට එරෙහිව පාර්ලිමේන්තුවේ කතා කළ ප්‍රධාන කථිකයෙක් විය. ඔහු වැඩියෙන්ම හඬ නැඟුවේ දූෂණයට එරෙහිවය. ඒ වන විට ශ්‍රීලනිපය මැතිනිය, අනුර, චන්ද්‍රිකා යනුවෙන් පිල් තුනකට බෙදී තිබිණි. නිමල් හිටියේ මැතිනිය සමගය. ඒත් ඔහු අනුර සහ චන්ද්‍රිකා සමගද සබඳතා ශක්තිමත් කරගෙන සිටියේය. ඔහුගේ ලොකුම දක්ෂකම ඒකය. ඔහු ආන්දෝලනාත්මක චරිතයක් නොවේ. ප්‍රේමදාසගේ ආණ්ඩු කාලයේ ඔහු ආන්දෝලනාත්මක චරිතයක් වූයේ කොළඹ නව නගර ශාලාවෙ අතුරුදන් වූවන්ගේ මවුපිය දූදරුවන්ගේ සංගමයේ රැස්වීමකට බත් පාර්සල් දී බත් පිළුණු වුණාය කියාය. නැතිනම් ඔහු ගැන කවුරුත් ලොකුවට කතා කළේ නැත. හැබැයි මැතිනි ආවත් චන්ද්‍රිකා ආවත් අනුර ආවත් ඔහුට ඇමැති ධුරයක් ලැබෙන බව නම් හැමෝම දැන සිටියහ.

1994 පළාත් සභා ඡන්දයෙන් චන්ද්‍රිකා මහ ඇමැති වූ විට නිමල් ෂේප් එකේ මැතිනියගෙන් ගැලවී චන්ද්‍රිකාට සෙට් විය. චන්ද්‍රිකා ඔහුට 1994 ආණ්ඩුවේ ප්‍රබල ඇමැති ධුරයක් දුන්නාය. ඔහු 1994 සිට 2004 දක්වා සේවය කළේ චන්ද්‍රිකාටය. චන්ද්‍රිකා යාපනය මුදාගැනීමෙන් පසු යාපනයට ගොස් යාපනයේ සංවර්ධන ව්‍යාපෘති ගැන කතා කළ නිමල් සිරිපාලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. බෝම්බයෙන් ඔහු බේරුණේ අනූනවයෙනි. 1994 සිට 2003 දක්වා ඇමැතිකම් කළ නිමල් සිරිපාලට ඇමැතිකම අහිමි වුණේ 2002 රනිල් බලය ගත්තාට පසුවය. ඒ, වසර දෙකක් තුනක් පමණි. 2004 යළි ඔහු ඇමැති විය. 2004 ශ්‍රීලනිප, ජවිපෙ සන්ධාන ආණ්ඩුවේ අවසානය ළං වන විට නිමල්, චන්ද්‍රිකාගේ අවසානයද දුටුවේය. ඒත් ඔහු 2005 ජනාධිපතිවරණය වළක්වා චන්ද්‍රිකා ජනාධිපති ධුරයේ තියාගෙන ඇමැති ධුරය රැකගන්න විශාල සටනක් ගෙන ගියේය. චන්ද්‍රිකාත් ඔහුව කෙතරම් විශ්වාස කළාද කියනවා නම් විමුක්ති කුමාරතුංග කරළියට ගෙන ආ සත්ව හිංසනය ගැන කතා කළ මාධ්‍ය සාකච්ඡාවේදී ඇය විමුක්තිව වාඩි කළේ නිමල් සිරිපාල සමගය. මංගල ඇයගේ අගසව් වුණත් ඇය ඒ වෙලාවේ විශ්වාස කළේ නිමල් සිරිපාලවය. හේතුව නිමල් තමන්ගේ සමකාලීනයකු වූ මහින්ද රාජපක්ෂ එක්ක එතරම් ඇයි හොඳයියක් නොපැවැත්වීමත්, 2004 සන්ධාන ආණ්ඩුව තුළ ජවිපෙ බලයට එරෙහිව නිමල්ද පෙනී සිටි නිසාය. ඒත් 2004 අග වන විට මහින්ද ජනාධිපති අපේක්ෂකයා වන බව නිමල්ට දැනුණි. ඔහු චන්ද්‍රිකාව හලා මහින්දට සමීප විය.

ඔහු මහින්දගේ ආණ්ඩුවේ අගමැති ධුරය බලාපොරොත්තු වූ ශ්‍රීලනිප ප්‍රබලයන් අතර ප්‍රබලයෙක් විය. ඒත් අගමැති ධුරය බලාපොරොත්තු වූ මෛත්‍රීලාට, මංගලලාට අගමැති ධුරය නොලැබුණු නිසා ඔහු ඇමැති ධුරයෙන් සෑහීමකට පත්විය. ඒත් වැඩි කල් ගියේ නැත. රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව ශ්‍රීලනිපය තුළින්ම බලවේගයක් ගොඩනැගෙන විට නිමල් සිරිපාල ද ඒ අතර විය. රාජපක්ෂවරු මුල් කාලයේ මෛත්‍රිපාල සහ නිමල් සිරිපාලව එකිනෙකා කොටවා හැප්පුවත් භාරත ලක්ෂ්මන් ඝාතනයේදී දුමින්ද සිල්වාට එරෙහිව නිමල් සිරිපාල මෛත්‍රීට එක්විය. මේ බලවේගයේ පළමුවෙන්ම විපක්ෂයේ සිටි යූ.ඇන්.පී.ය සමග ගනුදෙනු කළේත් මහින්දගේ ආණ්ඩුව පෙරළන සැලැස්ම හදපු විදේශ තානාපති කාර්යාල සමගද ගනුදෙනු කළේ මෛත්‍රි නොව නිමල් සිරිපාලය. රනිල් මෙය දැන සිටියේය. රනිල්ට අවශ්‍ය වූයේ ඔහු ජනාධිපති අපේක්ෂක වී නිමල් සිරිපාලට අගමැති අපේක්ෂකත්වය දෙන්නටය. නිමල් එයට පැනලා කැමැති වී සිටියේය. ඒත් ජනාධිපති අපේක්ෂක මෛත්‍රී බව දැනගත් විගස ඔහු මාරු වුණේ ඔහුට අගමැති ධුරය නොලැබෙන බව දැනගෙනය. මහින්ද ලව්වා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරවාගන්න 2015 ජනාධිපතිවරණය ආසන්නයේ ඔහු සෝභිත හිමියන් සහ මහින්ද අතර සාකච්ඡාවකටද මැදි වූයේ මහින්දගේ ආණ්ඩුවක් තුළ ඇමැති ධුරය බේරාගන්නටය.

2015 මහින්ද පරාජය වීමෙන් පසු ශ්‍රීලනිප නායකත්වය මෛත්‍රීට පවරන මෙහෙයුමේ ඔහු ප්‍රධානියකු වූයේ අහිමි වූ ඇමැති ධුරය වෙනුවට විපක්ෂ නායක ධුරය ලබාගන්නටය. මෛත්‍රී සහ රනිල් සාකච්ඡා කර ඔහුට විපක්ෂ නායක ධුරය ලබාදුන්නේය. ඒත් ඔහු මහින්දව තරහ කරගත්තේද නැත. 2015 මහ මැතිවරණය දිනන්න ඔහු මහින්දව පාවිච්චි කළේය.

2015 මහ ඡන්දයෙන් පසු ඔහු ඇමැති ධුරයක් ලබාගන්න යූ.ඇන්.පී. – ශ්‍රීලනිප සන්ධාන ආණ්ඩුවට එක්විය. ඔහු ඒ ආණ්ඩුවේ මෛත්‍රීට වඩා සමීපව වැඩ කරන්නේ රනිල් සමගය. ඒ, ඔහුගේ ඇමැතිකම ආරක්ෂා කරගන්නත්, ඇමැති ධුරයේ නිදහසේ වැඩ කරන්නටත්ය. එළිපිට ඔහු රනිල්ව විවේචනය කරමින් රනිල්ගේ ආණ්ඩුවට එරෙහිව මෛත්‍රීව උසිගැන්වූයේ මහින්දගේ වුවමනාවටය. ඔහු, ඊළඟ ඡන්දය දිනා තමාට පාර්ලිමේන්තු එන්න නම් අවශ්‍ය මහින්ද බව දැන සිටියේය. 2019 ව්‍යවස්ථා කුමන්ත්‍රණයේදී ඔහු රනිල්ව අතහැර මහින්දට සෙට් වී ඇමැති ධුරය ලබාගත්තේය. කුමන්ත්‍රණය අසාර්ථක වීමෙන් පසු ඇමැති ධුරය රැකගන්න උත්සාහ කළද 2019 ජනාධිපතිවරණය අත ළඟ නිසා ඔහුට මහින්දට එක්වීම හැර විකල්පයක් නොවීය.
2019 ජනාධිපතිවරණයෙන් පසුද ඔහුට ප්‍රබල ඇමැති ධුරයක් ලැබිණි. ඔහු ඒ වෙලාවේ මහින්දව අතහැර ගෝඨාට සමීප විය. ආර්ථිකය කඩාවැටීමෙන් පසු ගෝඨා පවත්වන සර්වපාක්ෂික සමුළුවට රනිල්ව ගෙන්වා ගන්න වැඩේ භාරගත්තේ නිමල් සිරිපාලය. තමන් සමුළුවට ආවේ නිමල් නිසා යැයි රනිල් සමුළුවෙදී ප්‍රකාශ කරන්නේ එහෙයිනි.

ආර්ථික අර්බුදය දරුණු වී අරගලය දියත් වන විට ශ්‍රීලනිපය ඇමැති ධුරවලින් ඉවත් වෙන්න තීරණය කරද්දී නිමල් අකැමැත්තෙන් වුවද එයට කැමැති වන්නේ ශ්‍රීලනිපය අතහැර තනිව පොදුජන පෙරමුණට එක්වුවහොත් රාජපක්ෂවරු තමන්ව ගණන් නොගෙන අඩු ඇමැති ධුරයක් දෙනු ඇතැයි බියෙන්ය. ඔහු රාජපක්ෂවරුන්ගෙන් ඇමැති ධුරය ඩිමාන්ඩ් කරන්නේ ශ්‍රීලනිපය හීලෑ කරන ජොබ් එක භාරගෙනය. මහින්ද අගැමති ධුරයෙන් ඉවත් වූ විට ඔහු අගමැති ධුරය බලාපොරොත්තු විය. ඔහුට හැර ඩිලාන්ට හෝ වෙනත් ශ්‍රීලනිප, පොදුජන පෙරමුණේ අයකුට අගමැති ධුරය ලැබෙනවාට ඔහු කැමැති වූයේ නැත. ශ්‍රීලනිපයේ හෝ පොදුජන පෙරමුණේ රාජපක්ෂ නොවන අයකු අගමැති වෙනවාට රාජපක්ෂ පවුල කැමැති වූයේද නැත. රාජපක්ෂවරු සහ නිමල්ගේ අපේක්ෂා සමපාත වන්නේ මෙහිදීය. රනිල් අගමැති ධුරයට පත්වන්නේ නිමල් සහ රාජපක්ෂ පවුල ගහපු ගේමෙන්ය. රනිල්ගේ අගමැති ධුරයට ශ්‍රීලනිපය හීලෑ කරගැනීමේ ජොබ් එක භාරගත්තේද ඔහුය. ඔහු ඒ වෙලාවේ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය ඉවර වෙනවා නම් රනිල් ජනාධිපති කොට ඔහු අගමැති වෙන්නටය.

නිමල් සිරිපාලගේ මන්ත්‍රී ධුරයට 2024ට වසර 30කි. දැනට 28කි. මේ 28ට ඔහුට ඇමැති ධුරයක් නොලැබුණේ 2002-2004 සහ 2015 මාස කිහිපයකට පමණි. ඒ මාස ගණනේත් ඔහු ඇමැති වරප්‍රසාද හිමි විපක්ෂ නායක ධුරයට හිමිකම් කීවේය. ඔහු, හෙට මෝඩි ලංකාව අල්ලා ගත්තත් ඇමැතිය. ඔහුගේ මේ ඇමැති මේනියාවට කෙළවුණේ විපක්ෂ නායක සජිත් නිසාය. ඒ, ඔහු පළමු වරට නිමල් සිරිපාලගේ දූෂිත ගනුදෙනුවක් හෙළි කළ නිසාය. ඒ, ලංකාවට උදව් අවශ්‍යම මොහොතේ උදව් දීමට සිටි මිතුරා ජපානයෙන් අල්ලස් ඉල්ලන්න ගිහිල්ලාය. ඒ චෝදනාව කළේ ජපානයමය. විපක්ෂ නායක ලෙස සජිත්, නිමල් සිරිපාල රටට කළ හානිය හෙළිදරව් කළේය. රනිල් විපක්ෂ නායක වී සිටියා නම් කවදාවත් නිමල්ව මෙසේ හෙළිදරව් නොවනු ඇත. හේතුව 1994 සිට ඔහු චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී, ගෝඨා සමග සිටියද යටින් රනිල් එක්ක ගනුදෙනු කළ නිසාය. 1994 සිට යූ.ඇන්.පී.ය කාට ගැහැව්වත් නිමල් සිරිපාලට ගැහුවේ නැත්තේ ඒකය. නිමල්ද තමන්ගේ කුණු වහගන්න යූ.ඇන්.පී.ය සමග පැටලෙන්න ගියේ නැත. මහින්ද අගමැති ධුරයෙන් ඉවත් වූ පසුව අගමැති විය යුත්තේ විපක්ෂ නායක සජිත් යැයි එළිපිට කීවේ නිමල් සිරිපාලය. ඒ, සජිත් යටතේ ඇමැති ධුර ගන්නටය. ඒත් රාජපක්ෂවරු සජිත් අගමැති වෙනවාට අකැමැති බව දැනගත් පසු ඔහු රනිල් වෙනුවෙන් පෙනී සිටියේය.

නිමල් සිරිපාලට එරෙහි පළමු දූෂණ චෝදනාව මෙය නොවිය යුතුව තිබිණි. ඒත් ඔහු වසර 28ක් ඇමැතිකම රැකගෙන සුපිරිසිදු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු ලෙස පෙනී සිටියේ රනිල්ට පින් සිද්ධ වෙන්නටය. සජබය තුළ දේශපාලන ඩීල් නැති බව පෙන්වමින් සජිත් ඔහුව හෙළිදරව් කළේය. ඔහුට අද දේශපාලනයෙන් විශ්‍රාම යන්න සිද්ධ වෙන්නේ රටට විශාල හානියක් කළ අයකු ලෙසය. ඇමැති ධුරවලට කෑදරකමින් තරුණයන්ට තැන නොදී දේශපාලනය නින්දගමක් කරගෙන සිටින දේශපාලකයන්ට නිමල් සිරිපාල හොඳ පාඩමකි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු!

SendShareShare
Previous Post

හමුදා ප්‍රධානීන් ජාතිය අමතයි! (VIDEO)

Next Post

විධායක ජනපතිවරයෙක් ගෙදර යැවූ සටන අවසානයේ 103කට තුවාල! මාධ්‍යවේදීනුත් 11ක් ඒ අතර! වෙඩි වැදුණු තිදෙනෙක්!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.