• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

රට්ටුන්ගේ රැට්ටා සහ ගෝඨාගේ ගොට්ටා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

June 11, 2022
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
රට්ටුන්ගේ රැට්ටා සහ ගෝඨාගේ ගොට්ටා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

ධනපාල මුදියන්සේලාගේ රනිඳු සුරම්‍ය සේනාරත්න ඉපදිලා තියෙන්නේ ලංකාව තුණ්ඩු කෑල්ලෙන් කඩ වහන, ටී.56ට බයේ දේශපාලනඥයන් තමන් මින් පසු දේශපාලනය කරන්නේ නැතැයි තම තමන්ගේ ගෙවල් ඉස්සරහා බැනර් ගහගන්නා 1987 දෙසැම්බරයේය. ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කළේ 1987 ජූලි මාසයේය. දෙසැම්බරය කියන්නේ රටම ගිනිගෙන ඇවිලෙන කාලයකි. එය ටී.56 විප්ලව කාලයයි. ඒ විප්ලවය මර්දනය කරන්න ජේ.ආර්.ගේ ආණ්ඩුවේත්, පසුව ප්‍රේමදාස ආණ්ඩුවේත් ලොකුම කාර්යභාරයක් කළේ රනිල් වික්‍රමසිංහය. රනිඳු උපදිනකොට රනිල්ගේ වයස අවුරුදු 38කි. ඔහු ජේ.ආර්.ගේ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැති විය. ජවිපෙ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විශ්වවිද්‍යාල හරහා ශක්තිමත් වූයේ රනිල් අධ්‍යාපන ඇමැති ලෙස ඉදිරිපත් කළ ධවල පත්‍රිකාවට එරෙහිවය. 1988-1989 කරළියට ආ ජවිපෙ නායකයන් බොහොමයක් ධවල පත්‍රිකාවට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සටන් සගයන්ය.

1987 රනිල් අධ්‍යාපන සහ තරුණ කටයුතු ඇමැති ලෙස ජවිපෙ තරුණ කැරැල්ල මර්දනය කරද්දී රනිඳුගේ උපත සිදුවේ. 1988 ජනාධිපතිවරණය ජයගෙන ප්‍රේමදාස ජවිපෙට ඇමැති ධුර තුනක් දෙන්නම් යැයි කියා ඇස් බැඳගෙන විජේවීර ඉන්න තැනකට සාකච්ඡාවලට එන්නම් යැයි ලෝකෙටම ඇහෙන්න කෑගහද්දී ප්‍රේමදාස ආණ්ඩුවේ රාජ්‍ය ආරක්ෂක ඇමැති රන්ජන් සහ කර්මාන්ත ඇමැති රනිල් ජවිපෙ මර්දනය කිරීමේ මෙහෙයුම අති සාර්ථකව ඉදිරියට ගෙන යමින් සිටියහ. විජේවීර ඇතුළු ජවිපෙ නායකයන් ඝාතනය කොට ජවිපෙ විප්ලවය අවසන් විය. වසර කිහිපයකට පසු එල්.ටී.ටී.ඊ. මිනිස් බෝම්බයකින් ප්‍රේමදාස ද ඝාතනය වී රනිල් යූ.ඇන්.පී. නායකයා විය. රනිල් යූ.ඇන්.පී. නායකයා වන විට රනිඳුගේ වයස අවුරුදු 07කි. රනිඳු මිල්ල සොයා ඉතාලියට ගොස් 2009 ලංකාවට එන විට රනිල් ඡන්ද එක පිට එක පරාජය වෙමින් සිටියේය. රනිල්ගේ පිහිටෙන් රාජපක්ෂ පවුල ලංකාව පුරා බලය පතුරුවමින් සිටියේය.

2015 මහින්ද රාජපක්ෂට එරෙහිව සමාජ මාධ්‍ය හරහා මහින්ද විරෝධී රැල්ලක් නිර්මාණය වෙමින් තිබූ කාලයය. රනිඳු බැංකුවේ රැකියාව අත්හැර සමාජ මාධ්‍යයේ පොරක් වෙන්න පටන්ගත්තේ මේ කාලයේය. හැබැයි ඒ දේශපාලනයෙන් නොව, කලාත්මක නිර්මාණ තුළින්ය. ඔහු නිර්මාණශීලී ලෙස ප්‍රහසනය යූටියුබ් සහ ෆේස්බුක් හරහා තරුණ තරුණියන් අතරට ගෙන යමින් සමාජ මාධ්‍යවල නමක් හදාගන්නේ ‘රැට්ටා’ ලෙසය. මේ රනිල්ගේ සහ මෛත්‍රිගේ ආණ්ඩු කාලයය. සමාජ මාධ්‍ය ලංකාවම හෙල්ලුවේ මේ කාලයේය. මේ කාලයේත් රැට්ටා දේශපාලනයක් කළේ නැත. ඒත් නිර්මාණකරුවෙක් ලෙස සමාජ මාධ්‍යයේ සැරිසැරුවේය. පාස්කු බෝම්බය පුපුරන්ගේ 2019 අප්‍රේල් මසය. රැට්ටා ජීවත් වන්නේ පාස්කු බෝම්බයේ වේදනාව හදවතටම දැනුණු කතෝලිකයන් බහුල පළාතකය. පාස්කු බෝම්බ ප්‍රහාරයට එරෙහිව රැට්ටා පමණක් නොව සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් බොහොමයක් තම නිර්මාණයන් තුළ දේශපාලනය සිත්තම් කරන්නේ බෝම්බයේ කම්පාව දරාගත නොහැකිවය. 2019දී රැට්ටාගේ යූටියුබ් චැනලය ජනප්‍රියතම යූටියුබ් චැනලය ලෙසත්, ඔහුගේ ෆේස්බුක් පිටුව ජනප්‍රියතම ෆේස්බුක් පිටුව ලෙසත්, ඔහුගේ වීඩියෝව ජනප්‍රියතම වීඩියෝව ලෙසත්, ඔහුගේ කෙටි චිත්‍රපටය ජනප්‍රියතම කෙටි චිත්‍රපටය ලෙසත් රයිගම් සම්මාන උළෙලේ සම්මානයට පාත්‍ර වෙයි. එසේම ඔහු වර්ෂයේ ජනප්‍රියතම සමාජ මාධ්‍ය තරුව ලෙසත් වැඩිම බලපෑමක් කළ හැකි සමාජ මාධ්‍ය තරුව ලෙසත් රයිගම් සම්මාන උළෙලේ සමාම්න ලබයි.

2020 වන විට රැට්ටා සමාජ මාධ්‍යයන්හි ලොකු පොරකි. රනිල් වික්‍රමසිංහ මහ ඡන්දය කුජීත ලෙස පරාජය වී මන්ත්‍රී ධුරයත් අහිමි කරගෙන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගන්න මාන බලමින් සිටී.

ගෝඨා ගෝ හෝම් වට්ස් ඇප්, ෆේස්බුක්, යූටියුබ් කැරැල්ල කරළියට එන්නේ 2022දීය. මේ වෙනකොට සමාජ මාධ්‍ය අධිරාජ්‍යයක් ගොඩනගාගෙන සිටින රැට්ටා අනෙක් පළමු පෙළේ සමාජ මාධ්‍යකරුවන් සමග එක්වී අමුතුම විප්ලවයක් නිර්මාණය කරමින් සිටී. මේ විප්ලවය ඔහු උපදින විට රටේ දියත් වූ ටී.56 විප්ලවයට වෙනස් එකකි. ගෝල්ෆේස් අරගලය ලොවේම අවධානය දිනාගන්නා අරගලයක් බවට පත්වන්නේ රැට්ටා ඇතුළු සමාජ මාධ්‍ය නිර්මාණකරුවන්ගේ නිර්මාණශීලී දායකත්වය නිසාය. අන්තිමේදී ඒ අරගලය මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලමත්, පවුල හදපු ආණ්ඩුවත් ගෙදර යවන්න සමත් විය.

රැට්ටා මේ අරගලයට දායක වෙනකොට ඔහුගේ වයස අවුරුදු 35ක් පමණි. රනිල්ගේ වයස අවුරුදු 73කි. රැට්ටලා මහින්ද ඇතුළු රාජපක්ෂ පවුලම ගෙදර යවලා ගෝඨාභය ගෙදර යවන්න ගෝඨාව බිත්තියට හේතු කරල තියෙන වෙලාවේ රනිල් දිවගොස් ගෝඨාව බේරාගත්තේ අගමැති ධුරය ගන්න ගෝඨාට ගොට්ට අල්ලලාය. ඔහු ජේ.ආර්. සහ ප්‍රේමදාසගේ යූ.ඇන්.පී. ආණ්ඩුවට එරෙහි තරුණ නැගිටීම මර්දනය කරන්නේ වයස අවුරුදු 40දීය. ඔහු රැට්ටලාගේ අරගලය මර්දනය කරන්නේ වයස අවුරුදු 73දීය.

රනිල් අගමැති වූ පසුව රැට්ටලාව රහස් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කරනු ලැබීය. ගෝල්ෆේස් අරගල භූමියේ අරගලකරුවන් සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් අත්අඩංිගුවට ගෙන ප්‍රශ්න කොට මුදාහරිනු ලැබීය. දැන් මේ අරගලකරුවන්ගේ, සමාජ මාධ්‍ය නිර්මාණකරුවන්ගේ වතගොත, තොරතුරු ඇත්තේ ආණ්ඩුව අතෙහිය. මේ අරගලයට අත්වී ඇත්තේද 88-89 ජවිපෙ අරගලයට අත්වූ ඉරණමය. මාතර අරගලකරුවෙක්ට වසර දෙකහමාරක් සිර දඬුවම් විඳින්න සිදුවී ඇත.

රැට්ටාගේ ගම වැලිසරය. රන්ජන් රාමනායකගේ ගම කටානය. විජය කුමාරණතුංගත් කටානේය. මේ ඔක්කොම යාළුවෝ මල්ලි යැයි කියා රන්ජන් හිරේට ගියේය. යූ.ඇන්.පී.යේ ජේ.ආර්. සහ ශ්‍රීලනිපයේ අනුරගේ ඩීල් එක හෙළිකරන්න ගොස් විජයට හිරේට යන්න සිදුවිය. විජය මහර අතුරු මැතිවරණය දිනා පාර්ලිමේන්තු ඒම වැළැක්වූයේ රනිල්ගේ බියගම චණ්ඩින්ය. යූ.ඇන්.පී.යෙන් මහර ඡන්දය භාරව සිටියේ රනිල්ය. අධිකරණයට එරෙහිව කතා කරන්න යැයි තමාට උපදෙස් දුන්නේ රනිල් යැයි රන්ජන් හිරේ යන්න කලින් කීවේය. අද රන්ජන්ටත් මන්ත්‍රී ධුරය අහිමිය. රැට්ටා ඇතුළු සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් අරගලකරුවන් රහස් පොලිසිය ගානේ දුවන්නේ රනිල් අගමැති වී ගෝඨාභයට දුන්න හයියෙන්ය. රනිල් ගෝඨාගේ ගොට්ටා චරිතය රඟපාද්දී රට්ටුන්ගේ හඬ රට පුරා ගෙනියන්නේ රැට්ටලාය. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන රනිල්ගේ ප්‍ර ධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී සුමන්තිරන් අපූරු කතාවක් කීවේ රනිල්ටයි, විජයදාසටයි ඇහෙන්නය.

“ඔබලා අද අගමැතිකම් ඇමැතිකම් කරන්නේ අරගලයට පින් සිද්ධ වෙන්න. ඒක අමතක කරන්න එපා…”

රැට්ටලාට මේ අමාරු කාලයකි. හැබැයි එක හීනෙන් රැයක් එළිවන්නේ නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කෝටිපති ධම්මික සියල්ල අත්හරී!

Next Post

ගෝඨා-රනිල් ආණ්ඩුව පිස්සු නටද්දී සජිත්-අනුර මිනිස්සුන්ට කන්න දෙන්න ලෑස්ති වෙයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.