කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී උළුවටුගේ සඳමාලි මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.Sri Lanka Letest News
ඊයේ (16) රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි සිය කාර්යාලය අසලදී ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් විසින් තමාට පහරදුන් බව මන්ත්‍රීවරිය සඳහන් කළාය.
පහර කෑමෙන් තුවාල ලැබු මන්ත්‍රීවරිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
අදාළ පාර්ශ්ව දෙකෙහිම පුද්ගලයින් මේ වනවිට රෝහල්ගත කර ඇති බවත් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළේය.










