පවතින ගෑස් හිඟය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස පළමු වරට ඉන්දියාවෙන් ගෘහස්ථ ගෑස් ආනයනය කිරීමට රජය සැලසුම් කර ඇත.
ගෑස් හිඟය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වෙළඳ අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබිණ.
සමාගමට අඛණ්ඩ ගෑස් සැපයුමක් ලැබුණහොත් වෙළෙඳපොළ ඉල්ලුමෙන් සියයට 70ක් සපුරාලීම සඳහා දෛනික සැපයුම වැඩි කළ හැකි බව ලිට්‍රෝ නිලධාරීන් ඇමැතිවරයාට පැවසූ බව පුවත්පතට වාර්තා වේ.
දැන් තිබෙන හොඳම විකල්පය ඇමෙරිකානු ඩොලර් බිලියනයක ඉන්දීය ණය මාර්ගය බව පෙන්වා දී ඇති අමාත්‍ය සේමසිංහ මහතා ඩොලර් බිලියනයක ඉන්දීය ණය පහසුකමෙන් මිලියන 200ක් ඉන්ධන ආනයනය සඳහා වෙන් කර තිබිණ. ගෑස් ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 160ක අමතර මුදලක් වෙන් කරන බවද අමාත්‍යවරයා පැවසීය.
මෙම හිඟය සති හයක් පමණ පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ලිට්‍රෝ නිලධාරීහු පසුගිය සතියේ ප්‍රකාශ කර තිබිණ.










