ගොවියා කාබනික පොහොරවලට හුරු කිරීම සැලැස්මක් ඇතිව කළේ නම් සාර්ථක වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙතෙක් කල් ගොවි ජනතාව රසායනික පොහොර නමැති කලිසම හැද සිටි බවත්, එක්වරම කලිසම ගැලවීමෙන් සියල්ලන්ම හෙළුවෙන් සිටින බවත්ය.
ඒ නිසා කලිසම ගැලවීමට පෙර සරමක් මසා දුන්නේ නම් හෙළුවෙන් සිටීමට සිදු නොවන බවද ඒ මහතා කීය.
ඒ නිසා දැන් කළ යුතුව ඇත්තේ අණ්ඩ මැසූ සරමක් හෝ ලබා දීම බවත්, දැනට සියල්ලන්ම සිටින්නේ හෙළුවෙන් බවත් පෙරේරා මහතා පෙන්වා දුන්නේය.










