පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගත් අවස්ථාවේදී එම පනත් කෙටුම්පතට ජන්ද විමසීමක් ඉල්ලීමට විපක්ෂය කලින් තීන්දු කර තිබුණද අවසන් මොහොතේ එය අත්හිටුවීමට විපක්ෂය පියවර ගෙන ඇත.
ඒ අනුව අද සවස ආණ්ඩුවට නිශ්චිත වශයෙන් තුනෙන් දෙකක බහුතරය තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් දැනගැනීමට තිබූ අවස්ථාව අහිමිව ගොස් තිබේ.










