සමෘද්ධි ප්‍රතිලාභින් සදහා 28%කින් සමෘද්ධි දිමනාව වැඩි කිරිමට රජය තිරණය කළ බව සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
‘ඒ අනුව මෙතෙක් රැපියල් 3,500ක දිමනාවක් ලබපු පවුල් ඒකකයක් රැපියල් 4,500ක දිමනාවක් ලබන පවුල් ඒකකයක් බවට පත්වෙනවා.මෙතෙක් රැපියල් 2,500 දිමනාවක් ලැබු පවුල් ඒකකයක් රැපියල් 3,200ක දිමානවක් ලබන පවුල් ඒකකයක් බවට පත්වෙනවා.රැපියල් 1,500ක් ලබපු පවුල් ඒකකයක් සදහා රැපියල් 1,900ක දිමනාවක් ලැබෙනවා යැයි සේමසිංහ මහතා කීය.
සමෘද්ධි ප්‍රතිලාභින් දාහත් ලක්ෂ හැට හත්දහසක පවුල් ඒකක ප්‍රමාණයක් ඉන්නවා.එම සමෘද්ධි ප්‍රතිලාභින් සදහා මෙම සමෘද්ධි දිමනාව වැඩි කිරිමට රජය තිරණය කළ බව ද ඔහු පවසයි.










