• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ මාරාන්තික ක්‍රීඩාව සහ අත ළඟ එන ඛේදවාචකය!

August 15, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
කොරෝනා විනාශය ගැන විපක්ෂනායකතුමාගේ විශේෂ ප්‍රකාශය! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව කරනු ලබන මාරාන්තික ක්‍රීඩාවේ ඛේදවාචකය අත ළඟ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පෙන්වා දී ඇත.

එම නිවේදනය මෙසේය.

බිහිසුණු කොරෝනා ව්‍යාප්තිය අතින් ලෝකයේ 15 වන තැනට ශ්‍රී ලංකාව පත්ව තිබියදීත් හිතක් පපුවක් නැති පාලකයින් එය තවමත් තුට්ටුවට මායිම් කොට නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයේත් මෙරට සෞඛ්‍ය විශේෂඥයින්ගේත් තීරණාත්මක අනතුරු හැඟවීම් කිසිවක් මායිම් නොකරන ආණ්ඩුව තමන්ගේ අදූරදර්ශී,හිතුවක්කාරී දේශපාලන න්‍යායපත්‍රය පමණක් ක්‍රියාවට නංවමින් සිටී.

දිවයිනම ආවරණය වන පරිදි හෝ විශාල භූමි ප්‍රදේශ ආවරණය වන පරිදි කෙටි කාලයකට හෝ ඇඳිරි නීතිය පැනවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන අතර,ඔවුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක නොකළහොත් ලබන වසරේ ජනවාරි මස වන විට ශ්‍රී ලංකාවේ සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 30,000 දක්වා ඉහළ යනු ඇති බව පුරෝකථනය කරයි.

මේ ව්‍යසනකාරී මොහොතේ පවත්නා දැඩි අවදානම සැලකිල්ලට ගත් අප විශේෂඥයින්ගේ අනතුරු ඇඟවීම් ද ප්‍රකාරව කෙටි කලකට හෝ රට අගුල් දමන ලෙස ඉල්ලා සිටියේ සියල්ලට වඩා ජනතාවගේ ජීවිත අපට වටින නිසාය.

⦁ කෙසේ වෙතත්,දිනපතා සිදුවන මරණ සංඛ්‍යාව 150 ඉක්මවා තිබියදීත්, හමුවන ආසාදිතයින් ප්‍රමාණයද දහස් ගණන ඉක්මවා තිබියදීත් ආණ්ඩුවට ඒ කිසිවක් පිළිබඳව අංශු මාත්‍රයක හැඟීමක් නැති බව ඔවුන් ගනු ලබමින් සිටින තීන්දු තීරණ තුළින් ම පැහැදිලිවන අතර ඔවුනට ආසාදිතයින් සහ මරණ යනු හුදු ඉලක්කම් සූදුවක් පමණි. කොරෝනා ආසාදන වන රෝගීන් සංඛ්‍යාව 5000 ඉක්මවමින් ඇති බවත් මියයන සංඛ්‍යාව 250 ඉක්මවා ඇති රෝහල්වලින් නිල නොවන වාර්තා ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා චෝදනා කරන අතර එයින් පැහැදිලි වන්නේ නිල සහ නිල නොවන වාර්තා ද ඇති බවය.

⦁ මෙතරම් ව්‍යසනයක් සිදුවී තිබියදීත් ආණ්ඩුව තවමත් අදුරේ අතපත ගාමින් සිටින අතර ඔවුන් උත්සාහ කරන්නේ කොරෝනා ව්‍යාප්තියේ වරද ද ජනතාවගේ කරමත පටවා අත සෝදා ගැනීමට ය.

⦁ ජනතාවගේ මරණ මතින් දේශපාලනය කිරීමට සූදානම් අයෙකුට හැර වෙනත් කිසිවෙකුට මේ මොහොතේ රට විවෘතව තැබීමේ තීන්දුව ගත නොහැකිය. ඒ තරමටම තත්ත්වය උග්‍ර මුහුණුවරක් ගෙන තිබේ.

⦁ කොරෝනා ව්‍යසනය පැමිණි මොහොතේ සිට මේ රටේ ජනතාව වගකීම් සහගත ලෙස කටයුතු කළ බවත් වගකීම් විරහිතව කටයුතු කළේ ආණ්ඩුව බවත් ඕණෑම කෙනෙක් දන්නා සත්‍යය යි. තමන්ට රිසි පරිදි නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සහ වෙනස් කරමින් ආණ්ඩුව කටයුතු කළ අතර සිය බල ව්‍යාපෘතිය වෙනුවෙන් මහ මැතිවරණය කැදවමින් ද,විසිවෙනි සංශෝධනය වෙනුවෙන් පාර්ලිමේන්තුව කැදවමින්ද, කොරෝනා ව්‍යාප්තිය අත්හදා බැලීමට යැයි කියා සංචාරකයින් ගෙන්වමින්ද, කොරෝනාවලින් තොර රටක් බව පවසා මෙරටට “කොරෝනාවලට ආරාධනා” කරමින්ද ආණ්ඩුව කටයුතු කළ අයුරු ජුගුප්සාජනක ය. මේ අන්තනෝමතික තීන්දුවල ඛේදනීය ප්‍රතිඵල භුක්ති විඳින්නේ මේ රටේ අහිංසක ජනතාව ය.

⦁ කොරෝනා වලින් මිය ගිය අයගෙන් සහ ආසාදිතයින් ගෙන් 80%ක් එන්නත ලබා නොගත් අය බව පවසා ආණ්ඩුව ජනතාවට චෝදනා කරන නමුත්,අවශ්‍ය මොහොතේ  මෙරටට එන්නත නොගෙන්වා ඒ වෙනුවට මිත්‍යාව සමාජගත කළේ ආණ්ඩුව බව ආණ්ඩුවට සිහිපත් කළ යුතුය. එන්නත ලබා ගන්නට දිරිගන්වනවා වෙනුවට ඊනියා පැණි පිටුපස යන්නට ජනතාව උනන්දු කළේ ආණ්ඩුව විසින්ම බව ආණ්ඩුවට අමතකය.

⦁ ආර්ථිකය ගැන ඊනියා භීතියක් මවා පාමින් රට වසා දැමීම පිළිබඳව ආණ්ඩුව තීන්දුවක් නොගනී. “ආර්ථිකයද, ඔක්සිජන්” ද යන්නෙන් වඩා වැදගත් කුමක්ද යන්න තේරුම් ගන්නට බැරි ආණ්ඩුවකින් මීට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක.

⦁ කිසියම් භාණ්ඩයකට, කුකුළු මස් කිලෝවකට වෙළෙඳපොළ තුළ මිලක් නියම කළ හැකි වුවද මිනිස් ජීවිතයකට වෙළෙඳපොළ තුළ මිලක් නියම කළ නොහැකි බව ආණ්ඩුව වටහාගත යුතු උවත් අයාලේ යන ආණ්ඩුවකට මේ සත්‍ය වටහාදීමට ගනු ලබන උත්සාහය පවා කාලය අපතේ හැරීම කි.

⦁ අප විසින් අතිශය සද්භාවයෙන් යුතුව ඉදිරිපත් කරනු ලබන සියලු යෝජනා ද, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විශේෂඥයින් ඉදිරිපත් කරන යෝජනා ද අළුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කරමින් ආණ්ඩුව සුපුරුදු පරිදි ” ජීවිත සමග ක්‍රීඩා කරමින් ” සිටින අතර එම මාරාන්තික ක්‍රීඩාවෙහි අවසානය මොනතරම් බරපතළ ඛේදවාචකයක් දැයි නුදුරේදීම වටහා ගන්නට හැකි වනු ඇත. එබැවින් අප ජනතාවගෙන් නැවතත් ඉල්ලා සිටින්නේ  “කොරෝනාවලින් මෙන්ම ආණ්ඩුවෙන් ද ආරක්ෂා වන ලෙස ” ය. 

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

SendShareShare
Previous Post

ඒ පාර භූමිතෙල් පෝලිමත් ඇවිත්!

Next Post

දැන් දිනකට රෝගීන් 30,000ක් සමාජයේ! ආචාර්ය ජීවන්දරගෙන් අතිභයානක හෙළිදරව්වක්!

MORE NEWS

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

Load More
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පළ කළ අදහස් මෙසේය.Sri Lanka Latest...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.