• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තීරු බදු අඩු කරගන්න ආණ්ඩුවේ නියෝජිතයන් වොෂින්ටන් ගිහින් කරපු සාකච්ඡා අවසන් තීන්දුවක් නැතිවම අවසන්! මෙන්න වෙච්ච දේ! Sri Lanka Latest News

May 4, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සාකච්ඡා සාර්ථකයි.. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා කියලා අනුර කිව්වා! සාකච්ඡාවලට ගිය ඇමැති හර්ෂණ කියනවා අමෙරිකා වෙළෙඳ නියෝජිතයා එක්ක නැවත කටයුතු කරනවා.. ඉදිරිපත් කරපු යෝජනා ගැන ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා..! කව්රු කියන එකද ඇත්ත? කව්රු කියන එකද බොරු? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ලංකාව ඉලක්ක කර පැනවූ 44%ක තීරුබදු ප්‍රතිශතය ඉවත්කර ගැනීම සඳහා ඇමෙරිකානු නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වීමට ගිය ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවේදී සිදුකළේ කුමක්ද? පසුගිය සතියේදී අප මෙම තීරයෙන් පෙන්වා දුන්නේ මෙම සාකච්ඡා සඳහා මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මහාභාණ්ඩාගරයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහභාගි වී සිටි බවකි. මෙම සාකච්ඡාවේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවූ පසුබිමක පසුගිය සතියේ ජනාධිපතිවරයා දේශපාලන වේදිකාවේදී කළ කතාවකින් කියැවුණේ එම සාකච්ඡා ඉතා සාර්ථක බවත්, එදිනම දෙපාර්ශ්වයම එකඟතාවකින් යුත් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් වීමට නියමිත බවත්ය. ඊට මෙරට මාධ්‍යවල පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍යවලද විශාල ප්‍රචාරයක් ලබාදුන් ආකාරයක් දැකගත හැකි විය. ඒ වනවිටත් එවැනි එකඟතාවක් ඇතිකරගෙන නොතිබීම නිසා එම ප්‍රවෘත්තිය වහාම මෙරට බලධාරීන් විසින් ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරටද වාර්තා කිරීමට පියවර ගෙන තිබූ බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.Sri Lanka Latest News

එහි ප්‍රතිඵලය වූයේ ට්‍රම්ප් ආණ්ඩුව එකඟ වී නොතිබූ කරුණක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ කරුණු සඳහන් කර තිබීම හේතුකොට ගෙන වොෂින්ටන් බලධාරීන්ද යම් කලකිරීමකට පත්වීමත්, ජනාධිපතිවරයා කී ආකාරයට ඒකාබද්ධ නිවේදනයක් නිකුත් නොවීමත්ය.

මේ ආකාරයට ඒකාබද්ධ නිවේදනයක් නිකුත් නොවීමත් සමග ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් දින කීපයකට පසු නිවේදනයක් නිකුත් කළ අතර, ඉන් කියැවුණේ ආණ්ඩුව මගින් යෝජනාවලියක් වොෂින්ටන් බලධාරීන්ට ඉදිරිපත් කොට ඇති බවත්, ඒ සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමකට එළඹීමේ අරමුණෙන් සාකච්ඡා ඉදිරියට පත්වාගෙන යෑමට එකඟතාව පළවූ බවත්ය.

ඇත්තටම වෙච්ච දේ

නමුත් මෙම නිවේදනය නිකුත් වී දින කීපයකට පසු වොෂින්ටනයේදී සාකච්ඡා සඳහා සහභාගි වූ මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේ ආණ්ඩුව යෝජනාවලියක් වොෂින්ටන් බලධාරීන්ට ලබාදුන් බවත්, ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තෙක් ආණ්ඩුව බලාසිටින බවත්ය. ඒ හරහා ජනාධිපතිවරයා දේශපාලන වේදිකාවේ කළ ප්‍රකාශය හා වොෂින්ටන් සාකච්ඡාවලට සහභාගී වූ හර්ෂණ අමාත්‍යවරයා කළ ප්‍රකාශය අතර පැහැදිලිවම පරස්පරයක් ඇති බවක් දැකගන්නට ලැබිණ.

කෙසේවතත් මේ සම්බන්ධයෙන් අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ දින 90ක් ඇතුළත ට්‍රම්ප් පැනවූ තීරුබදු ඉවත්කර ගැනීම සම්බන්ධයෙන් කිසිදු අවසන් තීරණයක් මෙම සාකච්ඡාවේදී ගෙන නොමැති බවකි. අප ඉකුත් සතියේදී කී ආකාරයටම සාකච්ඡාවේදී ලංකාවෙන් ඊට සම්බන්ධ වූ පිරිස ඇමෙරිකාවෙන් තෙල්, ගෑස්, වාහන ආදිය වැඩිපුර මිලදී ගැනීමට සූදානම් බවත්, ඇමෙරිකානු භාණ්ඩවලට පනවා ඇති 88%ක බදු ප්‍රතිශතය 0% දක්වා පහත හෙළීමට සූදානම් බවත් යෝජනා කිරීම හැර වෙනත් කිසිවක් සිදුව නැත.

මේ ආකාරයට දෙරටට අවසන් තීන්දුවකට නොපැමිණීමට බලපා ඇති කරුණු බොහෝ තිබේ. ලංකාව පමණක් නොව ලොව රටවල් සියල්ලක්ම පාහේ මේ වනවිට ඇමෙරිකාව සමග දිගින් දිගටම සාකච්ඡා කරන්නේ තම රටවලට පනවා ඇති තීරුබදු අඩුකර ගැනීම සම්බන්ධයෙන්ය. එම නිසා ඇමෙරිකාව ප්‍රමුඛතාව දී තිබෙන්නේ වෙළෙඳ ගනුදෙනුවලදී පමණක් නොව, සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රශ්නවලදී වැඩි වටිනාකමක් සහිත රටවල් සමග පළමුව සාකච්ඡා කොට මෙම තීරුබදු ප්‍රතිශතයන් වෙනස් කරගැනීමටය. ඒ අනුව එම ලැයිස්තුවේ ලංකාව සිටින්නේ ඉතා පහළ තැනකය. ඇමෙරිකාව සමග ලංකාවට එකඟතාවකට පැමිණීමට තරමක් කල්ගතවනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ ඒ නිසාය. ඒ අනුව, අයි.එම්.එෆ්. අර්බුදයත් සමග ට්‍රම්ප්ගේ තීරුබදු අර්බුදයද පළාත් පාලන මැතිවරණයෙන් පසු ආණ්ඩුවට මුහුණ දීමට ඇති ප්‍රධාන අර්බුදයන්ය. බොහෝ දෙනා පෙන්වා දෙන්නේ තීරුබදු ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා ලිපි මගින් යෝජනා යවනවාට වඩා ඒවා ප්‍රායෝගිකව ඉටුකොට පෙන්වන තත්ත්වයක් යටතේ මෙම බදු ප්‍රශ්නය ගොඩින් බේරාගත හැකි බවකි. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග මත මේවායේ ඇති ප්‍රතිවිපාකයන් අවම කරගත හැකි බව බොහෝ දෙනාගේ විශ්වාසයය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

පුංචි නොවන පුංචි ආණ්ඩු! Sri Lanka Latest News

Next Post

අනුර වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.