යහපාලන රජයේ සිදුවූ දැවන්ත මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ වූ කිසිවකු තම රජයට සම්බන්ධ කරගැනීමට හෝ ඔවුන් සමග හවුල් ආණ්ඩුවකට යෑමට කටයුතු නොකරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහතිකයක් දී ඇත.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ සහතිකය ලබා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුවේ අමැතිකමක් ලබා දීමට යන කටකතාවක් පිලබද මන්තීවරු ප්‍රශ්න කළ අවස්ථාවේදීය.
රනිල් වික්‍රමසිංහ මහතාට ඇමැතිකමක් සදහා කිසිදු ආරාධනාවක් නොකල බවත් එය කිසිසේත්ම සිදු නොවන බවටත් එහිදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේය










