මීට දිනකට පෙර අගමැතිවරයාගේ නිල වෙබ් අඩවියට ප්‍රහාරයක් එල්ල වූ ආකාරයටම ජනාධිපති කාර්යාලය අතුළු ප‍්‍රධාන පෙළේ රාජ්‍ය වෙබ් අඩවි කිහිපයක් සයිබර් ප‍්‍රහාරයන්ට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සදහන් කරයි.
මේ බව සදහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවි දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි හදුනා ගැනීමට අද (04) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවිය.
රාජ්‍ය වෙබ් අඩවි ඉලක්ක කරගෙන මෙවැනි සයිබර් ප්‍රහාර එල්ලවිය හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දුන් අතර ඒ සම්බන්ධයෙන් රජයෙහි අවධානය යොමු නොවීම මත මෙම තත්වය උදාවී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙමු.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය










