පාස්කු ඉරිදා ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අසාත් මවුලානා විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල කර ඇති චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ මෙම චෝදනා සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවය.Sri Lanka Latest News
‘කරුණාකර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව කියවන්න. CID නිලධාරීන් විසින් ලබා දී ඇති සාක්ෂි ඇතුළුව. ඒ වාර්තාවේ ඇති දේ හැර වෙන කිසිවක් මම දන්නේ නැහැ’ යයි ඔහු ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත.
මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ඇමති පිල්ලෙයාන්ගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් අසාත් මවුලානාගේ ප‍්‍රකාශයක් මත පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වෙයි.










