ඉකුත් 2 වැනිදා සිට අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 25 හැවිරිදි වියේ පසුවන සිසුවා සිය දෙමව්පියන්ට ඇමතුමක් ලබා දී ඇති බව පොලිසිය තහවුරු කරයි.
තමන් හොදින් සිටින බවත්, සිටින තැන කීමට අපහසු බවත් එම සිසුවා දෙමව්පියන්ට දැනුම් දී ඇති බව පැවසේ.
මෙම සිසුවා නේවාසිකාගාරයේ නොමැති බවට පේරාදෙණිය පොලීසිය වෙත ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිණ.










