• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ණයහිමියෝ අපිට නඩු දාලා! දැනටමත් ‌මේ අවුරුද්දේ ඩොලර් බිලියන 3ක ණයක් පැහැර හැරලා! ඩොලර් බිලියන 5 වසර ගණනක් ණය ගෙවන්න ඕන! ණය සල්ලි ලැබෙන්න කොච්චර කාලයක් යයිද? IMF ණය ගැන ‌ගොඩහේවා කව්රුත් නොදන්න කතා ගොඩක් කියයි!

September 5, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ණයහිමියෝ අපිට නඩු දාලා! දැනටමත් ‌මේ අවුරුද්දේ ඩොලර් බිලියන 3ක ණයක් පැහැර හැරලා! ඩොලර් බිලියන 5 වසර ගණනක් ණය ගෙවන්න ඕන! ණය සල්ලි ලැබෙන්න කොච්චර කාලයක් යයිද? IMF ණය ගැන ‌ගොඩහේවා කව්රුත් නොදන්න කතා ගොඩක් කියයි!
Share on WhatsAppShare on Facebook

“IMF කියනවා ණය ප්‍රතිව්‍යුහගත කරනා ආකාරය ගැන ණය හිමියන් හා එකඟතාවයකට පැමිණිය යුතුයි . සමහර ණය හිමියෝ දැනටම අපට විරුද්ධව විදේශ රටවල නඩු දාලා” යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

ඒ මහතා මෙසේ කීවේ නිදහස ජනතා සභාව’ රටට හඳුන්වාදීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ඔහු තවදුරටත් මෙසේ කීවේය.

” අද මේ රටේ සියළුම දෙනා බලාගෙන ඉන්නේ ආන්ඩුව මොන විදියටද ජනතාව මුහුණ දී තිබෙන ආර්ථික ගැටලුවලට විසඳුම් දෙන්නේ කියලා. නමුත් අවාසනාවකට වගේ තාමත් ආන්ඩුව මේ සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිලිවෙලක් ඉදිරිපත් කරලා නෑ. අපි බලාගෙන හිටියේ අතුරු අයවැයෙන් ආන්ඩුව ‍රටට ලෝකයට දෙන පනිවිඩය කුමක්ද කියලා. අයවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමතිතුමා වත්මන් ජනාධිපති තුමා කීවේ IMF ණය ගැනීම සඳහා අවශ්‍ය වන මූලික රාමුව මේ අයවැය තුලින් සකස් කරනවා කියලයි. අයවැය යෝජනා දිහා බැලු විටත් ප්‍රමුඛතාවය දී තිබුනේ රාජ්‍ය දේපල විකුනා හෝ ණය කලමණාකරනය කිරීමේ අවශ්‍යතාවයටයි. අයවැය විවාදය පුරාම ආන්ඩුව පුරාජේරු කතාකලේ අපි IMF ආයතනය සමඟ ණය ලබා ගැනීම සඳහා මූලික එකඟතාවකට එන්න , ඔන්න මෙන්න කියලයි. මාධ්‍ය නිවේදන ට්විටර් පනිවිඩ හරහා ආන්ඩුවේ ලොක්කො ජනගත කරන්න හැදුවේ IMF ආයතනයෙන් ණයක් ලැබිල රටේ සියළු ප්‍රශ්ණ විසඳනවා වාගෙයි. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කරුණු විමසා මෙහි සත්‍ය අසත්‍යබාවය තේරුම් ගන්න කියා. මම ඔබට කරුණු දෙකක් කියන්නට කැමතියි මේ සම්බන්ධයෙන්. පලමුවැන්න තමා IMF ස්ටාෆ් ලෙවල් අග්‍රීමෙන්ට් එහෙමත් නැත්නම් මූලික එකඟතාවය යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කොන්දේසි පනවා තිබෙනවා කියනා එකයි. ඒ තමයි අළුතින් ණය පහසුකමක් දෙන්නට පෙර දැනට ආපසු ගෙවන්නට තියෙනා ණය ප්‍රතිව්‍යුහගත කරනා ආකාරය ගැන ණය හිමියන් හා එකඟතාවයකට පැමිණිය යුතුයි කියා. සමහර ණය හිමියෝ දැනටම අපට විරුද්ධව විදේශ රටවල නඩු දාලා. ඉතින් මේකට තව කොපමන කාලයක් ගත වෙයිද ? ඔවුන් එවැනි එකඟතාවයකට ඇත්තටම පැමිනෙයිද ? මේවා තවමත් නො විසඳුන ගැටලු. දෙවෙනි කාරණය තමා IMF ආයතනය දෙනවායැයි කියනා ණය මුදලේ සැබෑ ස්වරූපය. ඔවුන් කියන්නේ අපට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක් වසර 4 ක් තුල කොටස් වශයෙන් දෙනවා කියායි. ඒ මුලු මුදලම අපට එකවර දෙන්නේ නෑ. එතකොට අපේ ප්‍රශ්නය විසඳෙනවාද ? ලංකාවේ මේ 2022 වසර තුල පමනක් පැහැර හැර තිබෙන ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ට වැඩියි. ඊට අමතරව ඉදිරි වසර ගනනාවක් අපට වසරකට ඩොලර් බිලියන 5 කට වඩා ණය ගෙවන්නට තිබෙනවා. එතකොට වසර 4 කට ඩොලර් බිලියන 2.9 ලැබිලා අපට අඩු ගානේ දැනට ගෙවන්නට තියෙන ණය ටික වත් ගෙවා ගන්නට පුලුවන්ද ?

එහෙමනම් ආන්ඩුවට සිද්ධවෙනවා IMF ආයතනය සමඟ ඇතිකරගත් එකඟතාව පෙන්නලා තවත් ණය ගන්න. ණය ගන්න ගන්න අපි අමාරුවේ වැටෙනවා. මේවන විටත් ශ්‍රී ලංකා රජයේ සමස්ත ණයබර රුපියල් වලින් කිව්වොත් ට්‍රිලියන 17.5 කට වැඩියි. ඒ කියන්නේ ඊයේ ඉපදිච්ච කිරි දරුවත් රුපියල් ලක්ෂ 8 ක් පමන ලෝකයට ණයයි. අපේ සමස්ථ අනාගත පරම්පරාවම මේ විදියට ණය කරලා ණය ගැනිමේ හැකියාව ගැන ආන්ඩුව කයිවාරු ගහනවා නම් අපට ජනතාවට කියන්නට තියෙන්නේ මේ ‘ ණය ගන්න අපේ විරුවා ” ගැන ඕනෙවට වඩා විශ්වාසය තැබීම අනාගතයට එතරම් හිතකර නොවෙන්න පුළුවන් කියනා කාරණයයි.

අපි අද දකිනවා ආන්ඩුව ආර්ථිකය සංකෝචණය කිරීමේ සැලැස්මක් ගැන කතා කරනවා. ඔවුන් කියන්නේ පරිභෝජනය වැඩිවීම නිසා ඇතිවී තිබෙන උද්ධමනය පාලනය කර ගැනීමට බැංකු පොලී අනුපාතයන් ඉහල දැබූ බවයි. මේ අකාරයට පොලී අනුපාතයන් ඉහල දැමීම අද සමස්ථ ව්‍යාපාරික ක්ෂේත්‍රයටම බලපා තිබෙනව. කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යාපාර විශාල ප්‍රමාණයක් පවත්වාගෙන යන්නට බැරි තත්වයක් අද ඇතිවෙලා තියෙනවා. අපි දන්නවා රටේ වැඩකරන ජනතාවගෙන් ලක්ෂ 25 ක් පමන රැකියාව කරන්නේ මේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල. තවත් ලක්ෂ 25 ක් පමන ස්ව්‍යං රැකියා කරනවා. ආන්ඩුව ආර්ථිකය සංකෝචනය කරන්න පොලී අනුපාත ඉහල දැමීම නිසා මේ සියළු දෙනාටම තම ජීවනෝපාය පවත්වාගෙන යන්නට බැරි තත්වයක් ඇතිවෙලා තිබෙනවා. මේ තත්වය නිස ඉදිරියට විරැකියාව තවත් වැඩිවෙයි. එතකොට කුමක්ද වෙන්නේ ? දැනටමත් අපේ තරුණ පරපුර තුල විරැකියාව 25 කටත් වඩා වැඩියි. මේ අය වෙනුවෙන් ආන්ඩුවේ වැඩ පිලිවෙලක් තියෙනවද කියා අපි අහනවා.

උද්ධමනය වැඩි වෙන්නේ පරිබෝජනය වැඩි වීම නිසා කවුරු හරි කියනවානම් අපට එය පිලිගන්නට බෑ. මම ඊයේ ගම්පහ තරුණ ළමයි ටිකක් එක්ක කතා කොරන කොට එක ලමයෙක් කිව්වා” සර් අවුරුද්දකට විතර කලින් අපි ගමේ ක්‍රිකට් ගහන්න ටෙනිස් බෝලයක් ගත්තේ රුපියල් 250 කට විතර . දැන් ටෙනිස් බෝලයක් ගන්න රුපියල් 1300 ක් විතර යනවා” කියලා. ඉතින් අපි අහනවා මේ ටෙනිස් බෝලයේ මිළ වැඩිවෙලා තියෙන්නේ ළමයි දැන් වැඩිපුර ක්‍රිකට් ගහන නිසාද කියලා. ඇත්ත කතාව ඒක නෙමෙයි. වර්ථමාන උද්ධමනයට ප්‍රධාන හේතුව පරිභෝජනය වැඩි වීම නෙවෙයි. එයට මූලික හේතුව ආනයනය කරනා සෑම භාන්ඩයකම වගේ මිල විශාල වශයෙන් ඉහල යාමයි. ඒ නිසා තමයි ආහාර උද්ධමනය 90% ඉක්මවලා තියෙන්නේ. ඒ නිසා තමයි ප්‍රවාහන උද්ධමනය 140 කින් විතර ඉහල ගොස් තිබෙන්නේ. ඒ මිස මිනිස්සු වැඩියෙන් කෑම කන නිසාවත් වැඩියෙන් ගමන් බිමන් යන නිසාවත් නෙවෙයි. ඇත්ත කතාව අද ජනතාවගෙන් බහුතරයක් ඉන්නේ හාමතේ.

ආනයනික භාන්ඩ වල මිල ඉහල යන්නේ ප්‍රධාන වශයෙන්ම රුපියල අවප්‍රමානය වීම නිසායි. අපේ විදේශ වියදම් හා ආදායම් අතර පරතරය වැඩි වෙන්න වෙන්න රුපියල දුර්වල වෙනවා. එහෙමනම් රුපියල ශක්තිමත් කරන්නනම් මේ පරතරය අඩු කරගන්න ඕනේ. ඒකටයි අපට වැඩ පිලිවෙලක් අවශ්‍ය.

අපි සරලව මේ ප්‍රශ්නය තේරුම් ගනිමු. පසු ගිය වසර කිහිපය තුල අපේ සංචාරක ව්‍යාපාර හා විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් එන ප්‍රේෂණවල අඩු වීම පමනක් වසරකට ඩොලර් බිලියන 5 ක් පමන වෙනවා. ඊට අමතරව වසරකට ඩොලර් බිලියන 5 ක් පමන ණය ගෙවන්නට තිබෙනවා. එහෙමනම් ඉදිරි වසර වල අපට වසරකට ඩොලර් බිලියන 10 ක පමන පරත‍රයක් පියවීමේ අභියෝගය තිබෙනවා. අපි අහනවා ආන්ඩුවෙන් කෝ අයවැයේ මේ සදහා පැහැදිලි යෝජනා. ඒකයි අපි කියන්නේ “ණය ගන්න අපේ විරුවා” මානසිකත්වයෙන් IMF හෝ වෙනත් යම් ආකාර ණය ගැන පමනක් කතා කරමින් ඉන්නේ නැතුව ආන්ඩුව කඩිනමින් අපේ රටේ විදේශ ආදායම් වැඩි කරගන්නට කටයුතු කල යුතුයි. ඒ සඳහා අපට සිදුවෙනවා සංචාරක ව්‍යාපාරය කඩිනමින් යථාතත්වයට ගෙන එන්නෙට, අපට අවශ්‍ය වෙනවා නිශ්චිත වැඩ පිලිවෙලක් විදේශ ශ්‍රමිකයන්ගෙන් එන ප්‍රේෂණ යලි වැඩි කරගන්නට. තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍ර වලින් ලබාගත හැකි ආදායම් කඩිනමින් ඉහල නංවා ගැනීමට පැහැදිලි වැඩ පිලිවෙලක් අපට අවශ්‍ය වෙනවා. ඉතා මන්දගාමීව වර්ධනය වෙන අපේ භාන්ඩ අපනයන් ඉහල නංවා ගන්නට වැඩ පිලිවෙල කුමක්ද, අපේ ආර්ථිකයෙන් 70 කට වඩා දායකත්වය ලබා දෙන කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යාපාරිකයන් මත තව තවත් බදු බර පටවා ඉහල පොලී අනුපාතයන් නිසා ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යන්නට බැරි කරන්නේ නැතුව ඉන් හැකිතාක් පිරිස් අපනයන ක්ෂේත්‍රයන්ට යොමු කරන්නෙ කෙසේද? ලංකාවේ ජනතාවගෙන් 30% අදත් නිරතව සිටින කෘෂිකර්මාන්තය තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරණ, ව්‍යවසායකත්වයට මුල් තැන දෙන අපනයන කෘෂිකර්මාන්තයක් ලෙසට වෙනස් කරන්නේ කෙලෙසද ? ආන්ඩුව කතා කල යුත්තේ ආර්ථික අර්බූදයට මෙවැනි ප්‍රායෝගික විසඳුම් ගැනයි. කාලය වැය කල යුත්තේ ඒවා සැලසුම් කොට ක්‍රියාත්මක කරන්නටයි. නමුත් මෙතෙක් අපට ආන්ඩුව තම ප්‍රමුඛතා හඳුනාගෙන ඇති බවක් නම් පෙනෙන්නට නෑ.”

– මාධ්‍ය ඒකකය

SendShareShare
Previous Post

ඊළාම් සරණාගතයින් පුනරුත්ථාපන සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි! ඉල්ලීම ඉටුකරන්න ජනාධිපති ලේකම් කමිටුවක් පත්කරයි! (PHOTOS)

Next Post

රාජපක්ෂ පවුල එකට ඉඳගෙන නොනවත්වා හිනාවෙන වීඩියෝව ගැන සජිත් වේදිකාවේ ඉඳගෙන කියපු කතාව! (VIDEO & PHOTOS)

MORE NEWS

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යළිත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මර්මස්ථානයක්...

Read more
අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.