ආර්.එෆ්.එම්. සුහෙල් – නුවරඑළිය Sri Lanka Latest News
ඊයේ (02) දිනට යෙදී තිබුනු මැදින් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් (02) රාත්‍රියේ ශ්‍රී පාද වන්දනාවේ නිරත බැතිමතුන් වෙනුවෙන් විශේෂ කෝපි සහ බිස්කට් දන්සලක් පැවැත්වීමට ඇල්පිටිය ලංගම ඩිපෝව කටයුතු කර තිබින ,
මෙම දන්සල හැටන් – නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ, ගඟුලතැන්න පොලිස් මුරපොළ අසලදී අද දින පුරා පවත්වනු ලැබීය. සීතල දුෂ්කර මාර්ගයේ ගමන් කරන වන්දනාකරුවන්ගේ විඩාව නිවනු පිණිස සංවිධානය කර තිබූ මෙම පුණ්‍යකර්මය සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.
ඇල්පිටිය ලංගම ඩිපෝවේ සේවය කරන සියලුම සේවක මහතුන්ගේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් සහ මූල්‍ය පරිත්‍යාගයෙන් මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කර තිබීම විශේෂත්වයකි.




















