• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැල්වියන් තුඩුව පහුකරන් රාමේෂ්වරම හරහා ආදරයේ සංකේතය මන්නාරමට ආපහු ඇවිත්! යන්න දැන්ම ගිහින් බලන්න! Sri Lanka Latest News

March 1, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
කැල්වියන් තුඩුව පහුකරන් රාමේෂ්වරම හරහා ආදරයේ සංකේතය මන්නාරමට ආපහු ඇවිත්! යන්න දැන්ම ගිහින් බලන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහපොළවේ ජීවත්වන මේ මහා මිනිස් සංහතිය සොබාදහමේ අපූරුතම රසයන් වින්දනය කරමින් ඒවා රැකබලා ගනිමින් ගහකොළ, සතාසිවුපාවුන් සමග සහජීවනයෙන් ජීවත්වීම සමබර පරිසර පද්ධතියක් පවත්වා ගැනීමට රුකුලක් වන බව නොඅනුමානය. කුරුල්ලන්ගේ මිහිරි ගීත රාවයත්, තුරුලිය අතරින් හමා එන සිසිල් සුළඟත්, ඒ මේ අත ඔබමොබ සරන වන සිවුපාවුන්ද, ධරණිතලයේ විචිත්‍රවත්වය තව තවත් වැඩිකරමින් කඩාහැලෙන ගංගාවෝද දියඇලිද මේ පරිසර මාතාව සුන්දරත්වයෙන් තවත් අලංකාර කරන්නේය. එසේනම් කාව්‍යයක ගෙතෙන පදමාලාවන් සේ ඇමිණෙන අපූරූ දසුන් නැරඹීමට මෙවර මගේ සංචාරය මන්නාරම් ගල්ෆ් කලාපයේ වන්කාලෙයි කුරුලු අභයභූමිය වෙතයි. Sri Lanka Latest News

යාපනය අර්ධද්වීපයේ සිට මන්නාරම් ගල්ෆ් කලාපය වෙත ඒ 32 මාර්ගය ඔස්සේ ගමන්කිරීම ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශයක් තුළ මා වින්දනය කර නැත. මන්ද හරිත කලාපයේ විශාල රුක් මුදුන් අතරින් රක්ෂිත කලාපයන් කීපයක් පසුකර සීත සුළං ධාරා මධ්‍යයේ ඔක්සිජන් බහුල පරිසරයක් හරහා ගමන් කිරීමේ අවස්ථාව ඔබට හිමිවේ. මේ මාර්ගය ඔස්සේ ගමන් කිරීමේදී සුලබ දසුන් නම් මාර්ගයේ හිස් ලූ ලූ අත ගමන්කරන ගව පට්ටි හා එළු රංචුයි. මොවුන් නිසාවෙන් ගමනට සිදුවන බාධාව කෙසේ වූවද නැගෙන හිරු සමග තණකොළ බුදීමට වෙනත් ඉසව්වක් කරා පට්ටියත් සමග ගමන්කරන ගවයන් අතර වූ අලුත ඉපදුණු ගව පැටවුන් මවු පැටවා දෙසට දිවයන දැකීම අපූරු දසුන් එක්කරන්නේය.
ලවණ මිශ්‍ර සුළඟ කළපුව දෙසින් හමා එයි. බලන බලන ඉසව්වන්හි උණුසුම් ජලය පිරි ලවණ ජලයේ කිමිදී දියකෙළින විවිධ පක්ෂීන් සමූහ දැකබලා ගත හැකිවීම මනරම් දසුන් වේ. කටු පඳුරු සහිත ලඳු කැලෑවේ එහා මෙහා යන ගෝනෙක්, මුවෙක් විටෙක වියළුණු දර ඉපල්ලක් බිඳෙන ශබ්දය සමග වනපෙත දෙබෑකරමින් දුවන්නේ මේ ආගන්තුකයන්ගේ ආගමනයට පෙරැත්ත නොදක්වන බවක් කියාපාමින්‍ය. ඔය අතර වන්කාලෙයි රක්ෂිතයේ උදෑසනක ඇවිදයන ඔබට ඇසෙන විවිධ ශබ්ද රටාවලට කන් යොමන ඔබට කළපුවේ ඈතක සමූහයක් වශයෙන් දිස්වෙන ශ්වේත, රෝස, රක්ත, කාල මිශ්‍ර උස් ගෙලක් සහිත රජ සියක්කාරයන් කවීන්ට, සිත්තරුවන්ට මෙන්ම ඡායාරූප ශිල්පීන්ට අතිඋත්තම නිර්මාණ නිමිත්තක් බඳු වේ. මේ පක්ෂීන් කොලනිය සංචාරක පක්ෂීන් වන අතර වූ රජ සියක්කාරයන් නම් උතුරු අර්ධද්වීපය අපූර්වත්වයෙන් අභිෂේක ගන්වයි. මොවුන්ගේ ආහාර බුදින රටාව, ගමන් විලාශ, සන්නිවේදනයන් හා අනතුරක් සැලවූ වහා රංචුවක් සේ වේගයෙන් අහසට නගින අන්දම දැකබලා ගැනීම නරඹන්නන්ගේ නෙත් සිත් පිනවයි.

ඩයිනෝසරයන්ගේ යුගයේ සිට වසර මිලියන 140කට එහා වූ පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ පක්ෂීන් සරලවම හඳුන්වා දිය හැක්කේ පියැඹීමට තටු ලැබුණු උරගයෙක්ටය. ඒ අතර විකාශනයේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ මෙම පර්යටන පක්ෂීන් හිරු සඳු මෙන්ම තාරකා රටා ඔස්සේ ගමන් කරන අතර දිවා කාලයේ දිගු බව හා ජල ස්ථරවල ඉහළ පහළ යෑම් හඳුනා ගනිමින් තම ජීවන රටාව පවත්වා ගනියි. තොරතුරුවලට අනුව නම් නැගෙනහිර ඉන්දු වෙරළ තීරය ඔස්සේ පහළට පියඹා කැල්මියන් තුඩුවත් රාමේෂ්වරන් වෙරළත් ආදම්ගේ පාලමත් පසු කරන මේ ෆ්ලැමින්ගෝ කුරුලු විශේෂය පෘථිවියේ වූ චුම්භක ක්ෂේත්‍ර හරහා ලක්දිව යාපන අර්ධද්වීපය හා මන්නාරම් ගල්ෆ් කලාපය දෙසට සංක්‍රමණය වේ. සංක්‍රමණය වන්නේ ප්ලවාංග කුඩා මසුන් ආහාර ලෙස සපුරා ගැනීමටත් මුල් වාසභූමිවල ශීත දේශගුණයෙන් මිදීමත් සඳහාය. බොහෝ විට උතුරු අර්ධද්වීපයේ මෙන්ම මන්නාරම් ගල්ෆ් කලාපයේ වූ වන්කාලෙයි කුරුලු අභයභූමියේ වූ කුඩා කළපුවල වූ උණුසුම් ජලයේ ජීවත් වීමට මොවුන් ප්‍රිය කරන අතර ලක්දිවට නැගෙනහිර සීමාවෙන් ඇතුළුවන මොවුන් බූන්දල දක්වා ව්‍යාප්ත වේ. ෆ්ලෙමින්ගෝ කුරුල්ලන් විශේෂ හයක් ගැන තොරතුරු වාර්තා වන අතර අප්‍රිකා මහද්වීපයේ විශේෂ හතරක්, පෙරදිග ආශ්‍රිතව විශේෂ දෙකක් හඳුනාගෙන ඇත. ඒ අතරින් ලංකාවේ දැකගත හැකිවන්නේ ගිනි වර්ණ කුරුල්ලන් නැතහොත් කේපැ ජදකදමරුා කුරුල්ලන්‍ය. මොවුන්ගේ ගමන්මාර්ගයේදී ග්‍රීසිය, ජර්මනිය, ස්පාඤ්ඤය, පක්ස්තානය හා ඉන්දියාව පසු කරයි.

ලංකාවට සංක්‍රමණය වන බොහෝ පක්ෂි විශේෂ ශීත ඍතුව මගහැරීමටත්, පැටවුන් බිහිකිරීමටත් පැමිණියද මොවුන් මෙහි පැමිණෙන විශේෂ හේතුව වන්නේ ආහාර රටාව හා ඒ සඳහා ලංකාවේ තරගකාරීත්වයක් නොමැති වීමයි. ප්‍රධාන වශයෙන් මෙම රංචුවල වයස් කාණ්ඩ දෙකක් හඳුනාගත හැකිය. ඉන් එක් කොටසක් දීප්තිමත් වර්ණ සහිත උස් දේහධාරීන්ය. මොවුන් පරිණත වියපත් සතුන් වන අතර, මෙම වර්ණ රටාවලට ප්‍රධානම හේතු සාධකය වන්නේ ආහාර රටාවයි. දෙවැනි කොට්ඨාසය නම් හිරිමල් වයසේ අභිජනනය වෙනුවෙන් කටයුතු කරන තරුණ පක්ෂි සමූහයයි.

රෝස කළු පැහැති මොවුන්ගේ පාද ගැඹුරු ජලයේ ඇවිදීමටම සකස් වූ ඒවාය. පියැඹීමට අවශ්‍ය ශක්තිය මොවුන් ලබාගන්නේ තනි පාදයෙන් වීම විශේෂිත වේ. සිංහල භාෂා භාවිතයට අනුව නම් ‘සියක්කාරයෝ’ යන්න පොළොවේ සීසාන්නෝය. ඨරු්එැර කේපසබටද ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන, විද්‍යාත්මක නාමකරණයට අනුව ඡයදැබසජදචඑැරමි රදිැමි ලෙස නම් කරන මෙම සංක්‍රමණ පක්ෂි විශේෂයට සිංහලෙන් කියන්නේ නම් ‘රජ සියක්කාරයා’ ලෙසයි.

වසරේ එක් කාලයකදී ලංකාවට පියාසර කරන මොවුන් බොහෝ විට යාපනය අර්ධද්වීපයේද අලිමංකඩ, සරසාලේ, කුරුවික්කාඩු, තොන්ඩමන්නාරු, කයිට්ස් වැනි ප්‍රදේශවල සමූහ ලෙස ඒකරාශි වෙයි. පාද දෙක හා හිස දියෙහි ඔබාගෙන මසුන් සොයන මොවුන්ගේ ඇස් දිය යටදී පවා විවර වී ඇත. මේ ආහාර සෙවීම හුදෙක් නර්තනයක් හා සමානය. තැන තැන එක එකා කොටාගැනීම නැතහොත් ‘ප්‍රේම කලහ’ සුලබ දසුනක්‍ය.

හිරු නැගෙන පැයේ මෙම පෙරා බුදින්නන් තම ආහාර සලාකය රස විඳීමට පටන්ගන්නේය. සාමාන්‍යයෙන් අඩි පහක් පමණ උස මෙම පක්ෂීන් නොගැඹුරු කළපුවේ ඉස්සන්, කුඩා මසුන් හා ප්ලවාංග තම ආහාරයට එකතු කරයි. මේ ආහාර බුදීමට අවශ්‍ය අනුවර්තනයන් බොහෝමයක් ඔවුන් සතුවේ. පියඹන විට නිරීක්ෂණය වන රක්ත හා කාළ වර්ණ බිමට බසින විට සැඟවේ. ගෙල කොටස සැකසී ඇත්තේ පියාපත් වෙනුවට කෙටි ලෝම සමූහයකින්‍ වේ. හිස නේත්‍ර ඉතා විචිත්‍ර වන අතර වකුටු වූ හොටය ධාන්‍ය පියලි දෙකක හැඩයක් ගනී. හොටය දමා මඩ ගොහොරු කලතවා තම ආහාරය ලබාගත්තද හොටය පිරිසිදු බවක් ගනී. පා යුගල බොහෝ උස්වන අතර රෝස පැහැයක් ගනී. විටෙක ආබාධ සහිත පක්ෂීන් එකා දෙන්නා සමූහයේ දැකබලාගත හැකිය. පියඹන විට තනි පාදයෙන් වැර යොදා අහසට නගී. තම ආහාර ලබාගැනීමෙන් පසුව හිස් ඔසවා ගෙන ඒකරාශී වන මොවුන් විටෙක අනතුරක් සැලවූ වහාම අහසට නැගී කිහිප විටක් එකම ස්ථානයේ රංචුවක් ලෙස රටා තබමින් වෙනත් ස්ථානයට පියඹා යන දසුන නැරඹීම තරම් මනස්කාන්ත දසුනක් මම දැක නැත.

පක්ෂි ඡායාරූපකරණය පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ දෙනාගේ සුන්දර ගමනාන්තයක් වන මන්නාරම වන්කාලෙයි අභයභූමියට පැමිණ සිටින මේ පක්ෂි සමූහය නැරඹීම හා ඡායාරූපකරණය සම්බන්ධ අත්පොත් තැබීමට හැකිවීම මම ලද භාග්‍යයක් කොට සලකමි. පාන්දර පහ පසුවී නැගෙනහිර දෙසින් රශ්මි ධාරා විසුරුවමින් එන සූර්යයාගේ කිරණ පසුබිම් කරගෙන අපූරූ ඡායාරූප ගැනීමට මැදවච්චිය මන්නාරම් පාරේ නැරඹුම් මැදිරිය වෙත පැමිණ සිට බොහෝ ප්‍රවීණයෝද, දෙස් විදෙස් සංචාරකයෝද තුළ වූ කුතුහලය හා ඒ මනස්කාන්ත දසුන සමීපයේ විඳගැනීමට කටු පඳුරු සහිත ලඳු කැලෑවේ බඩගෑමද බොහෝ කාලයකට පසුව මට මහත් වින්දනයක් ඇති කළේය.

ශ්‍රී ලංකාවට පක්ෂීන් සංක්‍රමණය වන ප්‍රධාන මාර්ග තුනක් වේ. ඒ අතර ඉන්දියානු උප මහද්වීපයේ බටහිර ඉවුරේ පාකිස්තානය ඔස්සේත්, නැගෙනහිරින් බංගලිදේශය දිශාවෙන් හා අන්දමන් දූපත් ඔස්සේත්ය. නැගෙනහිර මාර්ගය ඔස්සේ ලංකාවට ඇතුළු වන වඩා ආකර්ෂණීයම පක්ෂී කොට්ඨාසය වන්නේද මේ රජ සියක්කාරයන්ය.
මේ අපූරුතම අත්දැකීම විඳගැනීමට අපට සහාය වූයේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී සුනන්ද ජයසේකරයි. ඔහුගේ මඟපෙන්වීම ඔස්සේ අප ලැබූ අත්දැකීම විඳගන්න යන්න මන්නාරමේ. කැල්වියන් තුඩුව පහුකරන් රාමේෂ්වරම හරහා ආදරයේ සංකේතය මන්නාරමට පැමිණ ඇත. යන්න ගිහින් බලන්න…

විදුනි බස්නායක

SendShareShare
Previous Post

මඩකළපුවේ අතිසංවේදී සිදුවීමක්! ගෙදරින් දන්නෙත් නෑ ඉස්පිරිතාලෙන් දන්නෙත් නෑ! උසස් පෙළ සිසුවිය දරුවෙක් බිහිකරලා ජනේලෙන් එළියට වීසි කරලා! තරුණ පරම්පරාව මේ තත්ත්වයට පත්වුණේ කොහොමද? වැරැද්ද කොතැනද? Sri Lanka Latest News

Next Post

හඳගම කෙලෙසූ රාණි ගැන ඥාති දියණියකගෙන් ලියුමක්! විකෘතියක්! අපරාධයක්! චිත්‍රපටය පුරාවට රැගෙන එන්නේ වේදනාවක්! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.