දැනට ප්‍රකාශයට පත් කර ඇති 2022 වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව යාවත්කාලීන නොකළහොත් ලබන බදාදා (13) දීපව්‍යාප්ත පැය 4 ක සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
එහි මධ්‍යම කාරක සභාවේ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව ලබන බදාදා පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්වා සංකේත වැඩ වර්ජනය පැවැත්වීමට නියමිත අතර වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුවේ බලපැවැත්වෙන දිනය යාවත්කාලීන කරන තුරු වෘත්තීය සමිති ලෙස ස්ථාන මාරුවීම් සඳහා අයදුම් නොකිරීමට ද තීරණය කෙරේ.










