ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.Sri Lanka Latest News
ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ලවී තිබූ චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත්කර තිබූ ‘ස්වාධීන පරීක්ෂණ කමිටුවේ’ නිර්දේශ අනුව එම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
2022 වසරේ නොවැම්බර් මස ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ධනුෂ්ක ගුණතිලකව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.
ඒ ස්ත්‍රී දූෂණ චෝදනාවක් මතය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2022 නොවැම්බර් මාසයේදී ධනුෂ්කට එරෙහිව මෙම ක්‍රිකට් තහනම පැනවීය.
එහෙත් ඔහුව පසුව පැවති ඔස්ට්‍රේලියාවේදී පැවති නඩු විභාගයකින් අනතුරුව එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන ලදී.










