අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.Sri Lanka Latest News
පාර්ලිමේන්තු මාර්ගය සහ තවත් මාර්ග කිහිපයක එලෙස රථවාහන තදබදයක් හටගෙන තිබේ.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (17) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසිද ඇති විය හැකි බවය.
බස්නාහිර, දකුණු සහ නැගෙනහිර පළාත්වලත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවේ.










