ශ්‍රී ලංකාවේ ඇපල් දුරකතනවල බලයලත් බෙදාහරින්නා ලෙස සැලකෙන Generation Next Communications Sri Lanka (Genxt Sri Lanka), ආයතනය හට 2021/2022 වර්ෂය සඳහා සිය කොන්ත්‍රාත්තුව ලබා දීමට එම මව් සමාගම පියවර ගෙන තිබේ.
ලොව අංක එකේ ශ්‍රේණිගත සමාගම ලෙස ඇපල් ඉන්කෝපරේෂන් එහි බෙදා හැරීමේ කටයුතු සම්බන්ධයෙන් ලබා දෙන නොයෙකුත් අවශ්‍යතා සපුරාලීමෙන් පසු රටක බලයලත් බෙදාහරින්නා තෝරා ගැනීම සිදුකරනු ලබයි.
ඒ අනුව 2018 වසරේ සිටම ඇපල් සමඟ ජෙනෙක්ස්ට් ශ්‍රී ලංකා සමාගම අඛණ්ඩව කටයුතු කරනු ලැබීය.
විශේෂයෙන් මෙරට තුළ ඇපල් නිෂ්පාදනයක් මිලදී ගැනීමට ගත් තීරණය පාරිභෝගිකයින් සඳහා සැලකිය යුතු ආයෝජනයකි. එම නිසා, වගකීම් සහ සේවාවන් තුළින් ඇපල් සමාගමේ පශ්චාත් අලෙවියෙන් පසුවූ සේවාවන් භුක්ති විඳීමට පාරිභෝගිකයාට හැකි වීම අත්‍යවශ්‍ය කරුණකි. එමගින්, ඇපල් විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමත නිල දුරකථන ඇපල් බලයලත් නැවත විකුණුම්කරුවෙකුගෙන් හෝ ජෙනෙක්ස්ට් ආයතනයෙන් මිලදී ගැනීමෙන් ඇපල් සමාගමට අලෙවියෙන් පසු සේවා සඳහා අපහසුතාවකින් තොරව කර ගැනීමට හැකි වේ.
ජෙනෙක්ස්ට් ආයතනය නිතරම සිය සේවා නව්‍යකරණයන් සඳහා කටයුතු කරන අතර ජාලය සහ මෙහෙයුම් තුළ විවිධ පරිමාණයන් උපයෝගී කරගනිමින් සිය කටයුතු සිදු කරනු ලබයි. ඔවුන් සිය ගනුදෙනුකරුවන්ට සහ හවුල්කරුවන්ට අසමසම සේවාවක් ලබා දීමට වඩාත් කැපවී සිටී.
ළගදීම iPhone 13 දුරකතන මාදිලිය නිල වශයෙන් මෙරටදී එළිදැක්වීමට නියමිත අතර, පාරිභෝගිකයින්ට විස්මිත දීමනාවක් ලබාදීමටද ජෙනෙක්ස්ට් ආයතනය බලාපොරොත්තුවෙන් සිටී.
ජෙනෙක්ස්ට් ප්‍රධාන කාර්යාලය සිංගප්පූරුවේ පිහිටා ඇති අතර එය බංග්ලාදේශය, භූතානය, බෲනායි, මාලදිවයින, මොංගෝලියාව, මියන්මාරය සහ නේපාලයේ ඇපල් සඳහා බලයලත් බෙදාහරින්නා ද වේ.
නවතම නිපැයුම් වන අව්‍යාජ මුල් දුරකථන නිෂ්පාදන සහ උපාංග පුළුල් පරාසයක බෙදා හැරීම තුළින් ආසියාවේ ජංගම දුරකථන වෙළෙඳාමේ ප්‍රමුඛයන් වශයෙන් එය කීර්ති නාමය හා විශ්වාසය දිනාගෙන ඇත.
ජෙනෙක්ස්ට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන්නේ රජීව් ගුණරත්න මහතාය.










